22ට වීරසේකර විරුද්ධ වුනා-පාර්ලිමේන්තු මහලේකම්

148


පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂව ඡන්දය භාවිත කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

එහිදී පනත් කෙටුම්පත දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1ක් ලැබුණි. එසේ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා විසිනි.
ඉන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක් හිමිවූ අතර, එම අවස්ථාවේදීද සරත් වීරසේකර මහතා පනත් කෙටුම්පතට විපක්ෂව ඡන්දය භාවිතා කොට ඇති බව මහලේකම්වරයා දන්වා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment