‘22’ ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9 ක්

63

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව හා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් ඊයේ (18දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 09ක් ගොනු කළහ.

එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසත්, නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් ගොනු කර තිබූ එම පෙත්සම් මගින් පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment