22 ව්‍යවස්ථාවට පටහැනියි

263

සංශෝධන නැත්නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතුයි
ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක මැති සබයට දන්වයි

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය නොකරන්නේ නම් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (06දා) නිවේදනය කළේය. ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම නිවේදන යටතේ මෙම දැනුම් දීම කළ කථානායකවරයා ඒ සම්බන්ධයෙන් මෙසේද කීය.

පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳ සමස්ත සලකා බැලීමක් මත, ශ්‍රේෂ්ඨාධිකරණය පහත තීරණය ගෙන ඇත:-

  1. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතරයෙන් එය සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයි.
  2. පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි. කෙසේ වෙතත්, 2 වැනි වගන්තියේ යෝජිත 41 (අ)(6) සහ 41(ආ)(4) වගන්ති ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාවය නිශේධ වේ.
  3. පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

කෙසේ වෙතත්,

(අ) පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ 44(2, 44(3), 45(1), 46(1), 47(3)(අ), 48(3) සහ 50 වැනි ව්‍යවස්ථාවන්හි සඳහන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට වන සඳහන ඉවත් කොට ඒ වෙනුවට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට සංශෝධනය කර ඇත්නම්,

(ආ) 3 වැනි වගන්තියේ යෝජිත 47(2) ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රතිස්ථාපනය කරන්නේ නම්, ජනමත විචාරණයක අවශ්‍යතාවය නතර වනු ඇත:

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment