22 වැනි සංශෝධනයට සජබෙන් කොක්කක්

419


ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 22 වැනි සංශෝධනයෙන් යෝජනා කර ඇති ව්‍යවස්ථාදායක සභාවට බාහිර සාමාජිකයන් පත් කිරීමේ බලය කතානායක වෙත පැවරීමට සමගි ජන බලවේගය විරුද්ධ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

එම පත්කිරීමේ බලය මීට පෙර පැවතියේ අගමැතිවරයාට සහ විපක්ෂනායකවරයාට වුවුද එහි සාමාජික සංඛ්‍යාව 10 දක්වා වැඩි කර එම පත් කිරීමේ බලය කතානායක වෙත පැවරීමෙන් ව්‍යවස්ථාදායක සභාව තුළ ආණ්ඩුවේ බලය වර්ධනය කිරීමක් කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment