22 සංශෝධනය – විරුද්ධ වුණේ සරත් වීරසේකර පමණයි

174

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වූ විසිදෙවැනි සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණක් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පනත් කෙටුම්පත දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1ක් ලැබුණි. එසේ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා විසිනි.

පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක් හිමිවූ අතර එම අවස්ථාවේදී ද සරත් වීරසේකර මහතා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කොට ඇති බව මහලේකම්වරයා පවසයි.
අකිත පෙරේරා

ආණ්ඩුවේ 15 ක් ඡන්දය දෙන්න ඇවිත් නෑ

පාර්ලිමේන්තුවේදී 22 වැනි සංශෝධනය සම්මත කළ දින ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 15 දෙනකු විදේශගතවීම් සහ අසනීප තත්ත්වය නිසා මැති සබයට පැමිණ නැත.

ඒ අනුව ඒ අතරින් 11 දෙනකු විදේශගතව සිට ඇති අතර සිව්දෙනකු අසනීපයෙන් හෝ රෝහල්ගතව සිට ඇති බව පැවසේ.

විදේශගත වූ මැති ඇමැතිවරුන් වන්නේ ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, සීතා අරඹේපොල, රෝහිත අබේගුණවර්ධන, ධම්මික පෙරේරා, එස්. එම්. එම්. මුෂාරෆ්, මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මහත්ම මහත්මීන්ය.

ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමලවීර දිසානායක, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත වීරසිංහ යන මහත්වරුන් අසනීපයෙන් පසුවූ බව දන්වා ඇත.

22 වැනි සංශෝධනයට ඡන්දය දීමට එදින ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 26 දෙනකු පාර්ලිමේන්තුවට පැමිණ නොමැති අතර ආණ්ඩුවේ සිට විපක්‍ෂයට ගොස් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 05 දෙනකු ද පැමිණ නොමැත.
අකිත පෙරේරා

ගම්මන්පිල ඡන්දය මගහැරිය ලිස්ට් එක ඉල්ලයි

22 සංශෝධනය - විරුද්ධ වුණේ සරත් වීරසේකර පමණයි

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දින ඡන්ද විමසීමට සහභාගි නොවූ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ලබාදෙන ලෙස පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

රටට ඉතාමත් වැදගත් තීරණාත්මක පනතක් වූ මෙම සංශෝධනය තුළින් ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට ඇති අයිතිය අහිමි කිරීම වැනි වැදගත් තීන්දු ගැනීම යම් මන්ත්‍රීවරකු මගහැරියේ නම් එය බරපතළ කරුණකැයි ද එදින ඡන්දයට නොපැමිණියේ ඇයිදැයි ජනතාවට පැහැදිලි කිරීමේ යුතුකමක් ඔවුනට ඇතැයි ද ගම්මන්පිල මහතා එමගින් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment