225ම කැමති වුණත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ – ජී.එල්. පීරිස්

21

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම කැමැති වුවත් ජනාධිපතිවරණය කල් දැමීම කිසිවකුට කළ නොහැකි යැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (29 දා) පැවසීය. ජනාධිපතිවරයා නොදැනුවත්ව ඔහුගේ පක්ෂයෙන් මෙවැනි ප්‍රකාශ නිකුත්කිරීම පිළිකුළෙන් හෙළාදකින බවත් ඔහු කීය.

මැතිවරණයට ඇති බිය නිසා ආණ්ඩුව නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවත්, එවැනි ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ප්‍රකාශ කළ බවත් පීරිස් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (29 දා) පැවසීය.

මහජන පරමාධිපත්‍ය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෘජුව ආරක්ෂා කර ඇති බවත් එය විනාශ කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් හෙතෙම කීය.

රංගෙ බණ්ඩාර මහතාගේ ප්‍රකාශයට එරෙහිව සියලුදෙනා එක්ව සිටින බවත්, ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කළහොත් එයට විරුද්ධව මහජනතාව පෙළගස්වා, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් පීරිස් මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment