225 ම එපා නම් එළියේ සිටින අයකුට ජනපති වීමේ වරම් – මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

360

ධුර කාලය තිබියදී ජනාධිපතිවරයා ඉවත්ව යන්නේ නම් රට අරාජික වීමට නොදී නව මැතිවරණයකට යන තෙක් ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගත යුතු බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගත යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් බවත් ඔහු පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පවත්වා බහුතරයක් ලබා ගන්නා අයකු විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් බවත් මහාචාර්යවරයා පැවසීය.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“ජනපති, අගමැති දෙදෙනාම ධුරවලින් ඉවත් වන්නේ නම් කථානායකවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විය යුතුයි. මසක් තුළ පාර්ලිමේන්තුව කැඳවා හැකි ඉක්මනින් රහස් ඡන්දයක් පවත්වා නව ජනාධිපතිවරයකු තෝරා පත්කර

ගැනීමට කටයුතු කළ යුතුයි. එහිදී එම පුද්ගලයාට පාර්ලිමේන්තුවේ අති බහුතරය හිමිවිය යුතුයි. නමුත් ජනතාව මන්ත්‍රීවරු 225 ම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් දේශපාලන පක්‍ෂවලට අයත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත් වී එළියේ ඇති විශ්වාසවන්තයකු රහස් ඡන්දයෙන් පත්කර ගත යුතුයි.”

සුජීව තත්සර


 

advertistmentadvertistment
advertistmentadvertistment