23න් පහළ පිරිමි ශූරතාව ෂෙනාල්ට – කාන්තා ශූරතාව සුධාරිකාට

135

* 2021 නෙස්ටමෝල්ට් පාපැදි අභියෝගතා තරඟාවලිය

2021 නෙස්ටමෝල්ට් පාපැදි අභියෝගතා තරගාවලිය අති සාර්ථක අයුරින් පසුගියදා කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ‍්‍රයේදී පැවැත්වුණි. එ් අනුව තරග කාණ්ඩ හතක් යටතේ කි‍්‍රයාත්මක වූ අදාළ තරගාවලියේ පිරිමි අවුරුදු 23න් පහළ ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය නියෝජනය කළ ෂෙනාල් චමෝද් ද සිල්වා සමත් වූ අතර කාන්තා විශිෂ්ට කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාවේ සුධාරිකා ප‍්‍රියදර්ශනී සමත් වූවාය.

23න් පහළ පිරිමි ශූරතාව ෂෙනාල්ට - කාන්තා ශූරතාව සුධාරිකාට

කිලෝමීටර් 30ක දුරකින් සමන්විත වූ පිරිමි වයස 23න් පහළ කාණ්ඩායේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ සුපුන් පියුමාල් සමත් වූ අතර එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොලිසිය නියෝජනය කරමින් තරග වැදුණු දිනේෂ් චමීර සමත්විය.

කිලෝ මීටර් 20ක දුරකින් සමන්විත වූ කාන්තා විශිෂ්ට කාණ්ඩයේ දෙවැනි ස්ථානය ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මදුමාලි ප‍්‍රනාන්දු සමත්වූ අතර එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට ඈන් ෂෙනාලි සමත් වූවාය.

තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු මෙම තරගාවලිය සඳහා නෙස්ටොමෝල්ට් සිය අනුග‍්‍රහය දැක්වීය. ඒ, ශ‍්‍රී ලාංකිකයන්ට ධනාත්මක ඇරඹුමක් සහ ජවයෙන් පිරුණු ඉදිරි ගමනක් උදාකරලීමේ සිය අරමුණ අනුව යමිනි.

කසුන් රණවීර

ඡායාරූපය – නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment