24 හැවිරිදි තරුණිය ළග කෝටියක් වටිනා අයිස්

449

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240 ක් සමග කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම කාන්තාවගේ නිවසේ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය සගවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලබුණු තොරතුරක් මත එම නිවස වැටලීමෙදී මත්ද්‍රව්‍ය තොගය හමු වී තිබේ.

පොලීසිය මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ සිට තලෙයිමන්නාරම ප්‍රදේශයට රැගෙන එන ලද අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය විශාල තොගයකින් ඉතා සුලු කොටසක් කාන්තාවට අලෙවි කිරීම සදහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ලබා දී ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment