25 වැනිදා ඡන්දය බෑ තේරීම් භාර නිලධාරීහු ගැසට් ගසති

48

පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි ලබන 25 වැනිදා පැවැත්වීමට නොහැකි බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි බවට වූ කරුණ තවදුරටත් විසඳී නොමැති නිසා මෙම ඡන්ද විමසීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

ඡන්ද විමසීම සිදුකිරීමට අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරයෙන් නිකුත් කරන නිශ්චිත දිනයක් ප්‍රකාශ කළහොත් හෝ අධිකරණයේ විභාග වෙමින් පවතින පෙත්සම් සම්බන්ධයෙන් දෙනු ලබන නඩු තීන්දු මත ඡන්ද විමසීම් සඳහා දිනයක් නම් කිරීමට සිදුවන්නේ නම් එම දිනයකදී හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දිනයක් නම් කිරීමට කටයුතු කරන බවද තේරීම්භාර නිලධාරීන් විසින් එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment