මත්පැන් මිශ්‍ර කරන්නන්ගේ 29 වැනි තරගය ඇරඹේ

627

29 වැනි ජාතික මත්පැන් මිශ්‍ර කරන්නන්ගේ තරගය (National Bartenders Competition) ආරම්භ වී ඇත. තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 16 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.ජාත්‍යන්තර ඩිස්ටලීස් සමාගම(International Disteillers LTD ) විසින් මෙම තරගාවලිය සංවිධානය කරයි.ජයග්‍රාහකයාට මුදල් ත්‍යාගයක් හා කුසලානයක් පිරිනමයි.මෙම තරගය විනිශ්චය කරනු ලබන්නේ ප්‍රවීන මත් පැන් මිශ්‍ර කරන්නන් පිරිසක් බව සංවිධායකයෝ පවසති.මෙම තොරතුරු අනාවරණය වූයේ අද කොළඹ හෝටල් පාසලේදී පැවැති මාධ්‍ය හමුවේදීය. මෙවැනි තරග මගින් අපගේ දේශීය කුළුබඩු වර්ග සදහා ද හොඳ වෙළෙද පොළක් බිහිවන බවද සංවිධායකයෝ පවසති.


advertistmentadvertistment