3, 4 රට අඳුරේ නැහැ….. විදුලි තීන්දුව අනිද්දා….. – තෙල්, වරාය, විදුලිය ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල්

328

ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, වරාය, විදුලිය ඒකාබද්ධ සන්ධානය විසින් අනිද්දා (03දා) පැවැත්වීමට නියමිත විරෝධතාව කඩාකප්පල් කිරීමට කුමන කි‍්‍රයාමාර්ග ගත්තද එය සිදුකරන බවත්, එදින සහ පසුදින (03 සහ 04) රට අඳුරේ තබන විදුලි වැඩ වර්ජනයකට නොයන බවත් එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවැසීය.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව තෙල්, විදුලිය, වරාය ඒකාබද්ධව වැඩවර්ජනයක නිරතවීමට මේ වනවිට තීරණය කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අනිද්දා (03දා) පවත්වන විරෝධතාවෙන් පසුව තීරණය කරන බවත් ජයලාල් මහතා කීය.

මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය කඩාකප්පල් කිරීමට රජය විසින් විදුලිබල මණ්ඩලය අතහැර වරාය, තෙල් ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස චක‍්‍රලේඛයක් මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙන බවත් එම චක‍්‍රලේඛයෙන් විදුලිබල මණ්ඩලය ඉවත්කර තිබෙන්නේ විදුලිබල මණ්ඩලය ඇමරිකාවට හෝ වෙනත් රටකට පවරාදී ඇති නිසා දැයි සැකයක් මතුවන බවත් ඔහු පැවැසීය.

රජය ජාතික සම්පත් විකිණීමක් සිදුකරන්නේ නැත්නම් අත්‍යවශ්‍ය සේවා චක‍්‍රලේඛ මගින් ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නොවන බවත්, වෘත්තීය සමිතිද ඉල්ලන්නේ අත්‍යවශ්‍ය සේවා ලෙස මෙම ජාතික සම්පත් විකුණන්නේ නැතිව ආරක්‍ෂා කර ගන්නා ලෙස බවත් ජයලාල් මහතා කීය.

විදුලි, වරාය, තෙල් ඒකාබද්ධ සන්ධානයක් ලෙස පවත්වන මෙම විරෝධතාවට ඉංජිනේරු සංගමය ඇතුළු විදුලිබල වෘත්තීය සමිති රැුසක සාමාජිකයන් අනිද්දා (03දා) දහවල් 11.30ට රට පුරා සිටින සියලූ වෘත්තීය සමිති සාමාජිකයන් කොළඹ විදුලි බල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලය අසලට පැමිණ විරෝධතාවයේ නියැළී ජනාධිපතිවරයාට ලබාදීමට සූදානම් වන පෙත්සමට අත්සන් නොකළ පිරිස්වල අත්සන් ගන්නා බව ද හෙතෙම පැවසීය.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය දහවල් 12.00 ට විමලධර්ම ඔරලෝසු කණුව අසලට රැුස්වී විරෝධතාවේ නිරතවන බව එම සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවැසීය.

තෙල් සංස්ථාවට අයත් සියලූ සේවකයන් කොළොන්නාව සහ සපුගස්කන්ද තෙල් පිරිපහදු සහ බෙදාහැරීම් කාර්යාලය ඉදිරිපිට එදින දහවල් 12.00ට විරෝධතාවයක් පවත්වන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment