31 ට පෙර ලංකාවට කැඳෙව්වා ජනාධිපති ලේකම් ධුරයට ඇරයුමක් නෑ – හිටපු අගමැති ලේකම් එස්. අමරසේකර

434

ජනාධිපති ලේකම් ධුරය තමාට භාරගන්නා ලෙස කිසිවෙක් තමාට යෝජනා කර නැතැයි දකුණු අපි‍්‍රකාවේ ශී‍්‍ර ලංකා තානාපති සහ හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් දකුණු අපි‍්‍රකාවේ සිට පැවැසීය.

වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ඉල්ලා අස්වුවහොත් ජනාධිපති ලේකම් ධුරයට එස්. අමරසේකර මහතා පත්කරන බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමරසේකර මහතා මේ බව කීවේය. තමාට එවැනි යෝජනාවක් කළත් තමාට සිතෙන්නේ දැන් එවැනි තනතුරක් භාර ගැනීම සඳහා ප‍්‍රමාද වැඩියි කියා බව ද අමරසේකර මහතා කියා සිටියේය. දකුණු අපි‍්‍රකාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන තමා මේ මස 31 වැනිදාට පෙර ශී‍්‍ර ලංකාවට කැඳවා ඇති බවත් එසේ කැඳවීමට හේතුව ද තමා නොදන්නා බව ද ඒ මහතා කියා සිටියේය.

එසේම ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන ආරංචිය ගැන කළ විමසුමකට පිළිතුරු ලෙස ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණේද තවමත් එවැනි තීරණයක් නැති බවය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment