33 වන ජාතික යෞවන ක‍්‍රීඩා උළෙලේ දෙවන දිනයේදී ගම්පහ පෙරමුණේ

251

20 න් පහළ කාන්තා මීටර් 100 කඩුලූ මත දිවීම – එච්. ඒ. පී. හෙට්ටිආරච්චි

33 වැනි ජාතික යෞවන කි‍්‍රඩා උළෙලේ දෙවැනි දිනයේ දිවා ආහාරය ස`දහා තරග නතර කරන විට ලකුණු සටහනට අනුව, ලකුණු 117 ක් ලබාගත් ගම්පහ දිස්ත‍්‍රික්කය ප‍්‍රථම ස්ථානය දිනාගෙන සිටි අතර, පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන ලකුණු 88 ක් ලබාගත් කොළඹ දිස්ත‍්‍රික්කය හා ලකුණු 65 ක් ලබාගත් කුරුණෑගල දිස්ත‍්‍රික්කය දිනාගෙන සිටී.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක‍්‍රීඩා උළෙලේ දෙවන දිනය වන ඊයේ සවස් වරුව වන විට නව තරග වාර්තා 03 ක් බිහි කිරීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත් වී ඇත. එම වාර්තා මෙසේය.

20 න් පහළ කාන්තා මීටර් 1500

  1. කේ. ශානිකා ලක්ෂානි – ගම්පහ දිස්ත‍්‍රික්කය (මි.04.35.55)

(පැරණි වාර්තාව 2011 වර්ෂය කේ. ඒ. සී. ජයමිණි – රත්නපුර (මි.4.43.47) )

20 න් පහළ කාන්තා මීටර් 400

  1. සයුරි ලක්ෂිමා මෙන්ඩිස් – ගම්පහ (තත්පර 56)

(පැරණි වාර්තාව 2016 වර්ෂය ඞී. වයි. එම්. දුලාංජලී – නුවරඑළිය (තත්. 56.05) )

20 න් පහළ කාන්තා මීටර් 100 කඩුලු මත දිවීම

  1. එච්. ඒ. පී. හෙට්ටිආරච්චි – මහනුවර (14.97)

(පැරණි වාර්තාව 2018 වර්ෂය එන්.ජී.පී.ආර් ගුණතිලක – කෑගල්ල (තත්. 15.24) )

මෙම ක‍්‍රීඩා උළෙලේ දක්ෂතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිව් දෙනාට මුදලින් රුපියල් මිලියනයක් පිරිනැමීමට ද කටයුතු යොදා ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්‍ෂ ජනරාල් දමිත වික‍්‍රමසිංහ මහතා පැවසීය.

33 වන ජාතික යෞවන ක‍්‍රීඩා උළෙලේ සමාප්ති සමාචාර උළෙල 22 දා (අද) ප.ව 4.00 ට තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, මැති ඇමැතිවරුන්ගේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්‍ෂ ජනරාල් දමිත වික‍්‍රමසිංහ, ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් දිල්ෂාන් චතුරංග ජයකුරු යන මහත්වරුන් ඇතු`ථ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

ටී. අනිල් සිරිවර්ධන – කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment