33 වැනි ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල ඇරැඹේ…

223

33 වැනි ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල දිවයිනේ සියලූම දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් තරුණ තරුණියන් 3000 කගේ සහභාගීත්වයෙන් ඊයේ (19 වැනිදා) අති උත්කර්ශවත් අන්දමින් කොළඹ සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක‍්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම, 2019 වර්ෂයේ මෙම ක‍්‍රීඩා උළෙලේ දක්ෂතම ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ සදීපා හෙන්රි හැන්ඩර්සන් හා ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඉන්දික උදය කුමාර යන තරුණ තරුණියන් විසින් සිදු කරනු ලැබීය.

33 වැනි ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල ග‍්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදාන ගමගේ, මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර සමරවික‍්‍රම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්‍ෂ ජනරාල් දමිත වික‍්‍රමසිංහ, ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් දිල්ෂාන් චතුරංග ජයකුරු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර, අද (20 වැනිදා) සිට 22 වැනිදින දක්වා දින 03 ක් තිස්සේ මෙම ක‍්‍රීඩා උළෙලේදී 20 න් ඉහළ හා පහළ වශයෙන් තරග අංශ 02 ක් යටතේ කාන්තා හා පිරිමි මලල ක‍්‍රීඩා තරග ඉසව් 17 ක් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරග වැදීමට නියමිතය.

ටී. අනිල් සිරිවර්ධන – සුගතදාස ක‍්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment