4 වෙනි මාත්‍රාව ගෙන ඇත්තේ 8300 දෙනයි – අගෝස්තුවේ කල් පනී….

145

කොවිඩ් මර්දනය වෙනුවෙන් ලබාදෙන හතරවන එන්නත් මාත්‍රාව (ෆයිසර්) මේ වනවිට ලබාගෙන ඇත්තේ මෙරට පුද්ගලයන් අටදහස් තුන්සියයකට ආසන්න පිරිසක් පමණක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛi, හේමන්ත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.පවතින තත්ත්වය යටතේ මෙම එන්නත් මාත්‍රාව ලබාගැනීම අනිවාර්ය නැතත්, නිදන්ගත රෝග හෝ යම් සංකූලතා ඇති පුද්ගලයන් එය ලබාගැනීම වැදගත්වනු ඇතැයි ද වෛiවරයා සඳහන් කළේය.මෙම ‘බූස්ටර් එන්නත් මාත්‍රාව’ හෙවත් හතරවන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාල හා සම්බන්ධවීමෙන් ලබාගත හැකි බවද වෛiවරයා පැවසීය.

කොවිඩ් මර්දනය වෙනුවෙන් ලබාදෙන එන්නත් මිලියන 14ක පමණ ප්‍රමාණයක් දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට මෙරටට ගෙන්වා තිබුණු අතර ඊට සාපේක්‍ෂව තෙවැනි මාත්‍රාව වෙනුවෙන් ද එන්නත් විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමට කටයුතු කළත්, ඇතැම් දුර්මත සහ ඇතැම් පුද්ගල උනන්දුවක් නොමැතිකමින් එම එන්නත් මාත්‍රා භාවිතය අඩු මට්ටමක පැවති බවද වෛiවරයා කියා සිටියේය.අදාළ තත්ත්වය හේතුවෙන් මෙරටට ගෙන්වනු ලැබූ එන්නත් තොගයක් ලබන අගෝස්තු මාසයෙන් පසුව කල් ඉකුත්වීමට නියමිත බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment