4 වැනි මාත්‍රාවට ” ෆයිසර්” දෙයි

151

‘කොවිඩ් – 19’ වෛරසය මර්දනය සඳහා ලබාදෙන ‘හතරවන එන්නත් මාත්‍රාව’ ලෙස ෆයිසර් එන්නත ලබාදීම මේ වනවිට රට පුරා පිහිටි සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාල මගින් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ ප්‍රකාශ කළේය.මේ යටතේ වයස අවුරුදු 20 ට වැඩි ඕනෑම පුද්ගලයකුට තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛi නිලධාරී කාර්යාලය හා සම්බන්ධ වෙමින් හතරවන එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව ද වෛiවරයා සඳහන් කළේය.

‘හතර වන එන්නත් මාත්‍රාව’ ලබාගැනීම අනාවරණය කර නැතත් වයස අවුරුදු 60 ට වැඩි කිසියම් රෝගාබාධ ඇති පුද්ගලයන් මෙම එන්නත ලබාගැනීමට ක්‍රියාකිරීම ඉතා වැදගත් බව ද හෙතෙම පැවසීය.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment