40% ක් නයිට‍්‍රජන් සහිත පෝර ලංකාවේ තිබියදී ඉන්දියාවෙන් 4% ක පෝර ගේන්න හදනවා: මහාචාර්ය තිස්ස විතාරණ

333

ඉන්දියාවෙන් සියයට 4 ක ප‍්‍රතිශතයක් ඇති කාබනික පොහොර ගෙන එන්නට සූදානමින් සිටින බවත් මේ රටේ ස්ලිම්ටෙක් නැනෝ ආයතනයේ ආචාර්ය නිල්වලා කෝට්ටේගොඩ ඇතුළු කණ්ඩායම සියයට 40 ක ප‍්‍රතිශතයක් ඇති යූරියා නයිට‍්‍රජන් කාබනික පොහොර නිපදවා තිබෙන හෙයින් ඒ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේදී දැනුවත් කරන බව ලංකා සමසමාජ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

මේ පිළිබඳව ඵලදායී ලෙස තීන්දු තීරණ ගතහොත් අනවශ්‍ය මුදල් නාස්තිය වැළකෙන බවද මහාචාර්ය විතාරණ මහතා ඊයේ (25 දා) කොළඹ ලංකා සමසමාජ පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙහිදී තවදුරටත් කතා කළ මහාචාර්යවරයා මෙසේද කීය.

ඉන්දියාවේ සමාගමකින් සියයට 4 ක ප‍්‍රතිශතයක් තිබෙන යූරියා නයිට‍්‍රජන් පොහොර ගේන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ස්ලින්ටෙක් කියන නැනෝ තාක්‍ෂණ ආයතනයේ ඩොක්ටර් නිල්වලා කෝට්ටේගොඩ ඇතුළු කණ්ඩායම සාර්ථක යූරියා නයිට‍්‍රජන් කාබනික පොහොරක් නිපදවා තිබෙනවා. ඒකේ ප‍්‍රතිශතය සියයට 40 ක්. මේ ලංකාවේ නිපදවන පොහොර ගොවීන්ට ලබාදුන්නොත් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේ ගැන ආණ්ඩුව දන්නේ නැහැ. මේ කාබනික පොහොර මගින් අපේ ගොවීන්ට වැඩි ලාභයක් ලබා ගන්නත් පුළුවන්.

ආණ්ඩුව ඉන්දියාවෙන් ගේන්න හදන කාබනික පොහොරවලට වඩා ඩොක්ටර් කෝට්ටේගොඩ ඇතුළු කණ්ඩායම නිපදවා ඇති කාබනික පොහොරවලින් වැඩි ප‍්‍රතිඵලයක් ගන්න පුළුවන්. මේ පොහොර තව තවත් නිපදෙව්වොත් ඔය අනවශ්‍ය මුදල් නාස්තිය කපා හරින්නත් පුළුවන්.

ලංකා සමසමාජ පක්‍ෂයේ උප ලේකම් අනිල් ද සොයිසා මහතාද එම මාධ්‍ය හමුවට එක්විය

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment