43 වන සිග්නිස් උත්තමාචාර සිනමා හා ප්‍රසාංගික ටෙලි නාට්‍ය සම්මාන ප්‍රධානෝත්සවය 2019/2022

186

සිග්නීස් අන්තර්ජාතික සංව ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් 2019/2020 වසර සඳහා පවත්වනු ලැබූ 43 වන උත්තමාචාර සිනමා හා ප්‍රාසාංගික ටෙලි නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රජු රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට ශ්‍රී ලංකා රත්නපුර සමුළුවේ සභාපති බදුල්ල පදවි රදගුරු අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන්ද, කොළඹ සහයක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් ද, ගාල්ල පදවි රදගුරු අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් ඇතුළු පූජා ප්‍රසාදීන් වහන්සේලා හා පැවිදි සොයුරියන්ද, ශ්‍රී ලංකාවේ සිනමා හා නාට්‍ය රංගන ශිල්ප ශිල්පීන්ද මේ අවස්ථාවට සහභාගී විය.

මෙහිදී විශේෂ ඇඟයීම් සම්මානයක්, ආසියා රදගුරු සම්මෙලනයේ ජනසන්නිවේදන කොමිසමේ සභාපති ලෙස පත් වූ ගාල්ල පදවි එඬෙරාණන්ට හිමි විය. මෙම අවස්ථාව සිග්නීස් අධ්‍යක්‍ෂක ගරු ලාල් පුෂ්පදේව නි. ම. නි පූජා ප්‍රසාදින් වහන්සේ ඇතුළු කණ්ඩායම විසින් සංවිධානය කරන ලදී.

2020 වසර සඳහා නිර්මාණශීලී වසරේ හොඳම ටෙලිනාට්‍යයට හිමි සම්මානය “තණමල්විල කොල්ලෙක්” ටෙලිනාට්‍යයට හිමිවිය. එම ටෙලි ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂක රොෂාන් රවින්ද්‍රට නිර්මාණශීලී හොඳම අධ්‍යක්‍ෂක ස්වර්ණ සම්මානය හිමි විය. ජුරියේ විශේෂ සම්මානය හිමි වුයේ ගිරිදෙවි ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂක ඉන්දික ධර්මතිලකටය.

43 වන සිග්නිස් උත්තමාචාර සිනමා හා ප්‍රසාංගික ටෙලි  නාට්‍ය සම්මාන ප්‍රධානෝත්සවය 2019/2022



හොඳම නළුවාට හිමි සම්මානය එම ටෙලි නාට්‍යයේම දිප්තගේ භූමිකාව නිරූපණය කළ ධනුක දිල්ශාන්ට හිමි විය. හොඳම නිළිය ගිරිදෙවි ටෙලිනාට්‍යයෙන් හසාගෙ භූමිකාව රඟපෑ ශලනි තාරකාට හිමි විය.

2020 වසරේ නිර්මාණශීලී ප්‍රශස්ත සිනමා නිර්මාණය, සිග්නීස් උත්තමාචාර ස්වර්ණ සම්මානය හිමිවුයේ විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්‍ෂණය හා නිෂ්පාදනය කරන ද පාංශූ …(පාංශු) චිත්‍රපටයටය. හොඳම අධ්‍යක්‍ෂණය ස්වර්ණ සම්මානය හිමිවුයේ පංශු චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ විසාකේස චන්ද්‍රසේකරම්ටය. නිර්මාණහීලී හොඳම නිළිය ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තේ එම චිත්‍රපටයේම මවගේ භූමිකාව නිරූපණය කළ නීටා ප්‍රනාන්දු මහත්මියය. එසේම 2019 ජුරියේ විශේෂ සම්මානය (නිර්මාණශීලි සහාය නිළිය) දිනා ගත්තේ වීරයා ඇවිත් ටෙලි නාට්‍යයේ අන්ධ මවගේ චරිතය නිරූපණය කළ නෙතලි නානායක්කාර. 2019 නිර්මාණශීලී වසරේ හොඳම සිනමා නිර්මාණය ලෙස “දැකලා පුරුදු කෙනෙක්” චිත්‍රපටය සම්මාන හිමිකරගත්තේය. එම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක මලිත් හෑගොඩ සිග්නිස් උත්තමාචාර ස්වර්ණ සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

2019 වසරේ නිර්මාණශීලී සහාය නළුවා විශේෂ ජූරිය සම්මානය “විෂම භාග” චිත්‍රපටයේ ගුරුවරයාගේ භූමිකාව නිරූපණය කළ ජැක්සන් ඇන්තනිට හිමිවිය.



● සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment