44ක් අත්අඩංගුවට වාහන 10 ක් පොලිස් භාරයට- දැඩි වාහන තදබදයක් – සටන දිගටම – ස්ටාලින් කියයි

546


කොළඹ දී ඊයේ (04 වැනිදා) කි‍්‍රයාත්මක වූ ගුරු-විදුහල්පති රථ පෙළපාලිය සහ උද්ඝෝෂණය අතරතුර පොලිසියේ උපදෙස් නොතකා ප‍්‍රධාන මාර්ගය අවහිර වන සේ කළහකාරීව හැසිරුණු පුද්ලයන් හතළිස් හතරදෙනකු පොලිස් අත්ඩංගුවට ගෙනෙ තිබේ. 04 – පිටුවට

මාර්ගය අවහිර වන සේ කටයුතු නොකරන ලෙස මෙම පුද්ගලයන්ට පොලිසිය දැනුම් දුන්න ද එය නොතකා මොවුන් කලහකාරීව හැසිරී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

පිරිමි පුද්ගලයන් 26දෙනකු සහ කාන්තාවන් 16දෙනකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. මෙහිදී උද්ඝෝෂණකරුවන් රථ පෙළපාලියේ පැමිණි වාහන දහයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම පොලිසිය විසින් ඊයේ පස්වරුවේ ආරම්භ කර තිබුණු අතර අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ අයුතු අවහිරය, නීති විරෝධී ජනරාශියක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත යටතේ ප‍්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ නිරෝධායන නීති උල්ංඝණය යන චෝදනා යටතේ මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment