47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පාපැදි ශූරයා මැඩොන්සා – ශූරිය කේ. ඒ. එස්. එන්. පෙරේරා

106

47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සාර්ථක අයුරින් පසුගියදා ගම්පහදී නිමාවට පත්විය. ශ්‍රී ලංකා යෞවන කටයුතු අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව නෙස්ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ අදාළ ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉසව් 31කින් යුක්ත විය.

තරගාවලියේ ප්‍රධානතම ක්‍රීඩා ඉසව් අතරින් අවධානයට ලක්වූ පිරිමි පාපැදි ධාවන තරගයේ ශූරතාව දිනා ගැනීමට එම්. ඒ. ඩී. මැඩොන්සා සමත්විය. ඒ කිලෝ මීටර් 165කින් යුත් එම ඉසව්වේ දෙවැනි ස්ථානය ආර්.ටී.සී. දයානන්ද විසින් හිමිකර ගත් අතර ඩී. එස්. නුගේරා තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.

කිලෝ මීටර් 82.5කින් යුක්ත වූ කාන්තා පාපැදි ධාවන ඉසව්වේ ජය වාර්තා කිරීමට කේ. ඒ. එස්. එන්. පෙරේරා සමත් වූවාය. එහි දෙවැනි ස්ථානය ආකාෂා සඳමිණි විසින් හිමිකර ගනිද්දී උදේශිනී කුමාරසිංහ තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

advertistmentadvertistment
advertistmentadvertistment