48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ පැසිපන්දු කාන්තා හා පිරිමි ශූරතාවය බස්නාහිර පළාතට…

49

48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ පැසිපන්දු කාන්තා සහ පිරිමි තරග පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

එහිදී දිවයිනේ පළාත් නවය නියෝජනය කරමින් කණ්ඩායම් තරග වැදුනු අතර කාන්තා අවසන් තරගයට උතුරු පළාත් කණ්ඩායම හා බස්නාහිර පළාත් කණ්ඩායම තරග වැදිනි. එහිදී ලකුණු 66 ට 63 ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම රන් පදක්කම දිනා ගත්හ. එහි රිදී පදක්කම උතුර පළාත සතු විය.

පිරිමි අවසන් තරගයට බස්නාහිර සහ වයඹ පළාත් තරග කළ අතර ඉන් 114 ට 35 ක් ලෙස පහසු ජයක් බස්නාහිර පළාතට හිමි විය.

බස්නාහිර පළාත් කාන්තා කණ්ඩායමේ නායිකාව ස්ටෙෆනි ඈන් ක්‍රීඩිකාව වූ අතර පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස රුක්ෂාන් අතපත්තු ක්‍රීඩකයාත් කටයුතු කළේය. මෙහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නිර්මා සසන්ති ද දක්ෂතම ක්‍රීඩකයා ලෙස දසුන් නිලන්ත ද තේරී පත් විය.

බස්නාහිර පළාත් පැසි පන්දු කණ්ඩායම භාරව ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී රෝහණ පෙරේරා මහතා කටයුතු කළ අතර බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක සචිත් තෙවරප්පෙරුම මහතාද මෙම අවස්ථාවට එක් විය.

ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment