48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල; බර උසුලන්නෝ අද සිට සටනේ

43

48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග මෙවර පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) ආරම්භ වීමට නියමිතය.

එම තරග අද (06දා) සිට එළඹෙන 09 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ පළාත් 09ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 360ක් පමණ මෙම තරග සඳහා සහභාගි වීමට නියමිත වේ.

කාන්තා බර ඉසිලීමේ තරගාවලියේ කිලෝග්‍රෑම් 45, 49, 55, 59, 64, 71, 76, 81, 87 හා 87ට වැඩි බර පංති යටතේ තරග පැවැත්වෙන අතර, පිරිමි බර ඉසිලීමේ තරගාවලිය යටතේ කිලෝග්‍රෑම් 55, 61, 67, 73, 81, 89, 96, 102, 109 හා 109 ට වැඩි බර පංති යටතේ තරග පැවැත්වේ. එක් පළාතකින් තරගකරුවන් දෙදෙනා බැගින් පළාත් 09 නියෝජනය කරමින් එක් බර පංති තරගයක් සඳහා තරගකරුවන් හා තරගකාරියන් 18 දෙනකු බැගින් මෙම තරගය සඳහා සහභාගි වීමට නියමිතය.

මෙම බර ඉසිලීමේ තරගාවලියේදී ඉදිරියේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුස්සන් තේරීම ද මෙම තරගාවලියට සමගාමීව සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment