5 ශ්‍රේණියේ දැරියකට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට

184

කොණ්ඩයෙන් අල්ලා ගහන නිසා කොණ්ඩය කපා පාසල් යැව්වා : ඊට පස්සෙත් ගහලා මව පොලිසියට කියයි

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දැරියකට පාසලේදී අමානුෂික ලෙස පහරදුන් බව කියන ගුරුවරයකු හුංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අම්බලන්තොට, හුංගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන තම දරුවාට පාසලේ ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවට දරුවාගේ මවගෙන් ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුරුවරයා විසින් අවස්ථා කිහිපයකදීම තම දරුවාට පහරදීම් සිදුකර ඇති බවත් කොන්ඩයෙන් අල්ලා පහරදීම සිදුකර ඇති නිසා කොණ්ඩය කපා දරුවා පාසලට යැවීමෙන් නැවත පහරදීම සිදුකර ඇති බවත් දැරියගේ මව පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම සැකකාර ගුරුවරයා දැරියගේ පංති භාර ගුරුවරයා බවත් දැරියට සිංහල පොත කියවීමට නොහැකි බව පවසමින් පහරදීම සිදුකරන බවත් මව පොලිසියට ප්‍රකාශ කර ඇත. සැකකාර ගුරුවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර ඊයේ (11 දා) අඟුණකොළපැල්ස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment