50%ක් සංචිත තබාගැනීම වගකීමක්- අවම ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ෂෙඩ්වල බලපත්‍ර අහෝසියි

127

අවම ඉන්ධන තොග පවත්වගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කර අත්හිටුවන බව බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් ප්‍රකාශ කරයි.

මේ අතර දිනකට අලෙවි වන ඉන්ධන ප්‍රමාණයෙන් සියයට පනහක සංචිතයක් නිතැතින් පවත්වාගෙන යෑමට සෑම ඉන්ධන පිරවුම්හලක්ම නීතියෙන් බැඳී සිටින බවත් එසේ නොකළ ඉන්ධනහල් පිළිබඳව සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ පිළිබඳව කළ විමසීමකදී විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය. ඉන්ධන මිල සංශෝධනය කළ 31 දා සහ ඊයේ (1දා) ඉන්ධන පිරවුම්හල් අසල පැවති පෝළිම් පිළිබඳව විමසීමේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment