50% කොන්දේසිය බැංකුවලට විතරයි

347

විදේශ විනිමය ශ‍්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාව සියයට 25 සිට සියයට 50 දක්වා වැඩි කිරීම අදාළ වන්නේ වානිජ බැංකුවලට පමණක් යැයි මහ බැංකුව පවසයි.

විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ විදෙස් මුදල් සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් සඳහා පවතින අවශ්‍යතා කෙරෙහි මේ නියමය කිසිදු බලපෑමක් ඇති නොකරන බව ද මහ බැංකුව පවසයි.

2022.03.21 දින සිට බලපැවැත්වෙන පරිදි බැංකු විසින් මහ බැංකුවට විදේශ විනමය විකිණීමේ අවශ්‍යතාව සියයට 25 සිට සියයට 50 දක්වා වැඩි කරනු ලැබිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment