500ක් ආසාදිත වුණා: 5ක් මියගියා… ග‍්‍රාම නිලධාරීන්ගේ දුක කියා ස්වදේශ කටයුතු ලේකම්ට ලිපියක්

299

දිවයින පුරා රාජකාරි කරන ග‍්‍රාම නිලධාරීන් පන්සියයකට අධික පිරිසක් කොවිඞ් ආසාදිතයින් බවට පත්ව ඇති බවත් තවත් ග‍්‍රාම නිලධාරීන් පස්දෙනකු කොවිඞ් ආසාදිත වීමෙන් මියගොස් ඇති බවත් ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්. ඒ. සිලමන් ආරච්චි මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

 ග‍්‍රාම නිලධාරියෙකු එම පවුලේ උදවිය සමඟ නිරෝධායනයට ලක්වූවහොත් පොදුවේ හිමිවීමට නියමිතව තිබු රුපියල් 10000 ක

 වියළි ආහාර සලාක බඩු මල්ල ඔවුනට තිබුණු එකම සහනය වුවද එය අඩු ආදායම්ලාභී පවුල් ස`දහා පමණක් ලබාදීම හේතුවෙන් ග‍්‍රාම නිලධාරීන් දැඩි පීඩාවට පත්ව ඇති බව ද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

 දැඩි අවදානම් තත්ත්වය හමුවේ දැඩි ආර්ථික අපහසුතා ද මැද රාජකාරි ඉටු කිරීම හේතුවෙන් රෝග අවදානමට ලක්වන ග‍්‍රාම නිලධාරීන් වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමින් සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසට යෝජනාවක්ද ලේකම්වරයා විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත යවන ලද ලිපියේ සඳහන් කර තිබේ.

 කොරෝනා වසංගතය ආරම්භයේ සිටම අවම පහසුකම් හෝ බුක්ති නොවිඳ තම වැටුපෙන් සෞඛ්‍ය ආරක්ෂාව සලසා ගනිමින් රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නගමින් බිම් මට්ටමේ වැඩ කටයුතු හරියාකාරව කරමින් ප‍්‍රාදේශීය පරිපාලනය සක‍්‍රීයව පවත්වාගෙන යාමට

 උර දී කටයුතු කරන ග‍්‍රාම නිලධාරින් හට අවදානම් දීමනාවක් ඉල්ලා ඇතත් එය මෙතෙක් ඉටු වී නොමැති බවත් මෙම භයානක වසංගත තත්වය තුළ එදා මෙදා තුර දැඩි අවදානම් මැද සිය රාජකාරි ඉටුකරන ග‍්‍රාම නිලධාරීන් වෙත අවදානම් දීමනාවක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසට සු්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන් .එච්.එම්. චිත‍්‍රානන්ද මහතාගෙන්

 ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්. ඒ. සිලමන් ආරච්චි මහතා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටි.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment