51 වසරක් ශ්‍රී ලාංකේය විශ්වාසය රැකි

75

ජාතියේ දායාදය, ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලාංකීය ඉතුරුම්කරණයේ ප්‍රමුඛයා සහ අප රටේ විශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද දින, එනම් මාර්තු 16 වන දින පා තබන්නේ සිය අභිමානවත් 51වන සංවත්සරයටයි. මෙලෙස දශක පහක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවට ආවේණික වූ ඉතිරිකිරීමේ හා සකසුරුවමෙහි මූලික ගුණාංගයන් හඳුනාගනිමින් ඊට නව ලොව තාක්ෂණය මුසු කර වඩාත් ආරක්ෂාකාරී හා ගුණාත්මකභාවයෙන් යුතු විධිමත් බැංකු සේවාවක් ලබා දීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව එදා සහ අදත් ඒවාගේම හෙටත් කැපවන බව මතක් කර දෙන්නේ ඉතා සතුටිනි.

ඉතුරුම් ස්වර්ණාභිමානය පනස් එක් වසරකට සංක්ෂිප්ත කළද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉතිහාසය ඉන් ඔබ්බට විහිදේ. 1832 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් රොබර්ට් විල්මොට් හෝර්ටන් මහතා විසින් අප රටේ ජනයාගේ ඉතිරි කිරීම හා සකසුරුවමට ඇති කැමැත්ත, විධිමත් බැංකු පද්ධතියක් සමග එක් කිරීමේ අභිප්‍රායෙන් සිලෝන් ඉතුරුම් බැංකුව (ක්‍ැහකදබ ී්ඩසබටි ඊ්බන) ආරම්භ කරනු ලැබීය. එමෙන්ම, 1885දී ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ අදහසකට අනුව සිලෝන් තැපැල් ඉතුරුම් බැංකුව (ක්‍ැහකදබ ඡදිඑ ධසෛජැ ී්ඩසබටි ඊ්බන) හා එහි සේවාවන් ආරම්භ විය. ඉන්පසු 1938 වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ඉතුරුම් සහතික අංශය (ී්ඩසබටි ක්‍ැරඑසසෙජ්එැ ීැජඑසදබ) පිහිටුවා එමගින් ඉතුරුම් සහතික හරහා මුදල් ඉතිරි කිරීමට ජනතාව පොළඹවනු ලැබූ අතර, ඉනික්බිතිව 1942දී දෙවන ලෝක යුද්ධයත් සමග ඒ සඳහා අවශ්‍ය ණය ලබාදීම් කටයුතු වෙනුවෙන් සිලෝන් යුද පෙරමුණ (ක්‍ැහකදබ උ්ර ඵදඩැපැබඑ) පිහිටුවිය. මෙකී සිව් ආයතන හා පෙරමුණු ඒකාබද්ධ කර 1972 මාර්තු 16 වැනිදා එවකට මුදල් අමාත්‍ය ආචාර්ය ඇන් ඇම්. පෙරේරා මහතා 1971 අංක 30 දරණ පාර්ලිමේන්තු පනතින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපනය විය.

“සකළවිධ ශ්‍රී ලාංකිකයන්ගේ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරාලනු වස් ජාතියට දායාද වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වසරින් වසර අභියෝග ජයගනිමින්, සිය

ගනුදෙනුකාර භවතුන් වෙත ඉහළ සේවයක් ලබා දෙමින් ශ්‍රී ලංකාව සිසාරා ඉතිරි කිරීමේ හා සකසුරුවමේ වැදගත්කම පහදා වටහා දෙමින් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට දායක වුණා. ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනක් ලෙස ඇරඹි ජාතික ඉතිරිකිරීමේ බැංකුව වඩාත් ප්‍රචලිත වූයේ සමාජයේ ඕනෑම ස්ථරයක පුද්ගලයකුට මූල්‍ය සේවා ලබා ගත හැකි ආයතනයක් ලෙසයි. ග්‍රාමීය මෙන්ම නාගරික ජනතාව වෙත ඉතිරි කිරීමේ හා සකසුරුවම්කමේ වටිනාකම ප්‍රායෝගික, අර්ථවත් සහ නව ලොවට ගැළපෙන ලෙස ඉදිරිපත් කිරීමට අප බැංකුව සමත්ව තිබෙනවා.”

ඉතුරුම්කරණයේ හා සකසුරුවම්කමේ ඇති වැදගත්කම නගරයෙන් ඔබ්බට ගොස් ගම දනව් පුරා පැතිරවීමට අප බැංකුවේ නොනිමෙන අදිටනට සාක්ෂියක් ලෙස 1972දී පළවූ අපගේ ප්‍රථම වාර්ෂික වාර්තාවේ එවකට මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ පණිවිඩයෙන් කොටසක් මෙසේ දක්වමු ”විශේෂයෙන් ගම්බද ප්‍රදේශයන්හි ශාඛා බැංකු ශාඛා ගණනාවක් පිහිටුවීමට අදහස් කරනු ලැබේ. සෑම දෙන දන්නා පරිදි, ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා රජය විසින් දරනු ලබන දැඩි ප්‍රයත්නය හේතු කොට ගෙන ගම්බද ජනතාවට ආධාර මුදල් සෑහෙන ප්‍රමාණයක් ලබා දෙනු අතර එමගින් ඔවුන්ට ආදායමක් ද ලැබේ. මෙම ආදායම සංවර්ධනය සඳහා යෙදවීම ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් සැලසිය යුතු ය. ඒ ඒ පුද්ගලයාට හෝ රටට කල්පවත්නා ප්‍රයෝජනයක් නොමැති අන්දමට අනවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා මෙම අමතර මුදල් අපතේ හරිනු ලැබේ නම් එය ඉතා කනගාටුදායකය.” මෙකී අභිමතාර්ථයන් පිළිබඳ එදා සිට අද දක්වාත් ඉදිරි අනාගතය වෙතත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දැක්ම මෙමගින් තහවුරු වේ.

අප ගනුදෙනුකරුවන්ගේ මුදල් ඉතිරි කිරීම් ඉතා සුරක්ෂිතව ආයෝජනය කර එහි ප්‍රතිලාභ ඔවුන්ට මෙන්ම පොදු මහජනතාවට ලබා දීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුඛ්‍ය පරමාර්ථයයි. මහජනතාවගේ මුදල්මය ඉතුරුම් රටක ආයෝජන සඳහා ඍජුවම දායක වන අතර එලෙස දේශීය ප්‍රභවයන් මගින් මෙම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකිවීම නිසා විදේශීය ණය ගැනීම් අඩු කර රටෙහි ආර්ථික ස්වාධීනත්වය තහවුරු කිරීමට හැකිවන බව අපගේ විශ්වාසයයි.

ගෝලීයකරණය සමග තොරතුරු තාක්ෂණය හා සබැඳි මූල්‍ය ක්ෂේත්‍රය දිනෙන් දින දියුණුවනවා, එම නව ප්‍රවේශයන් සමග ලෝකයේ ඕනෑම ස්ථානයක සිටින ශ්‍රී ලාංකිකයකුට සිය මූල්‍ය ගනුදෙනු පහසුවෙන් ආරක්ෂාකාරීව කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව තුළින් ඔබට හැකියි.

ගෝලීයකරණය වූ ලෝකයක අප සියලු දෙනා එකිනෙකාට සම්බන්ධයි, ලොව වෙනත් රටක සිදුවන ආර්ථිකමය හෝ සමාජීය වෙනස්වීම් අප රටට ද බලපාන බව නොරහසක්. කොවිඩ් – 19 වසංගත රෝග තත්ත්වය මෙයට කදිම උදාහරණයක්. මෙම රෝගී තත්ත්වය අප රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට ඍජු තර්ජනයක් ඇති කළ අතර අප රටේ ආර්ථිකය දැඩි මන්දගාමී තත්ත්වයකට පත් කිරීමටත් හේතු විය. නමුදු මේ සියලු අභියෝගයන්ට මුහුණ දුන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කාර්ය මණ්ඩලය, එකී අභියෝග හමුවේ අප බැංකු ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ම බදු පසු ලාභය වන රු. බිලියන 22ක් 2021 වර්ෂයේදී ඉපයීමට සමත් වූ බව සඳහන් කළ යුතුමය. පන්සියයකට අධික රාජ්‍ය ව්‍යවසායන් අතර ඉතා ම ඉහළ ගුණාත්මක ලාභයක් දිගු කාලීනව පවත්වා ගෙන යන ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනෙක් සියලු රාජ්‍ය ආයතන සඳහා ධනාත්මක නිදසුනක් බව පෙන්වා දෙනු ලබන්නේ හදපිරි සතුටින්. එලෙස මහා දැවැන්ත වගකීමක් දරමින් රජය වෙත ඉහළ ලාභාංශ හා බදු මුදල් ලබා දෙමින් රාජ්‍ය ආදායම නැංවීමට අප බැංකුව ඉතිහාසය පුරා කටයුතු කර ඇති බව පසක් කරන්නේ ගෞරවයෙන්. පුරා වසර 51ක් මුළුල්ලේ ජනහිතකාමී සහ ගුණාත්මක බැංකු සේවයක් නව ලොව ඩිජිටල් තාක්ෂණයත් සමග මුසු කර ශ්‍රී ලාංකික ජනතාව වෙත මූල්‍ය විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට කැපවූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව සැමදින අප දේශයේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් පෙරමග කියනු ඇත.

වර්තමානයේ, අප රට නිදහසින් පසු මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදය පසු කරමින් සිටිනවා. මේ අර්බුදයට හේතු කාරණා කුමක් වුවද, සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී සැම එකට එක්කාසු වී අප රට මේ දැවැන්ත උවදුරින් ගලවා යුතු බවයි. පෞද්ගලික හෝ වෘත්තීමය අපේක්ෂා ගැන නොව රටේ ආර්ථික දේහය තිරසර මාවතකට යොමු කිරීම නම් පොදු අරමුණ ජයග්‍රහණය කිරීමට ඔබ අප එක් විය යුතුයි. එය ලක් දෙරණේ උපත ලැබ නිදහස් අධ්‍යාපනයෙන් හා නිදහස් සෞඛ්‍ය පහසුකම් තුළින් ස්වාධීනව දෙපයින් සිට ගැනීමට වරම් ලද අප සැමගේ වගකීම මාතෘභූමිය වෙනුවෙන් මේ මොහොතේ ඉටු කළ යුතුයි.

තවද, මෙම තත්ත්වයෙන් අප රට ගොඩගැනීමට නම් පුරවැසියන් ලෙස අප සැමට පරිත්‍යාගයන් සිදු කිරීමට සිදුවනවා, එය සත්‍යයක්. දෛනික කෑම වේලේ සිට ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, ගමනාගමනය මෙන්ම බලශක්ති පරිභෝජන රටාව දක්වා සකසුරුවම්කම ප්‍රමුඛ කරගත් පිළිවෙතකට හැඩගැසීම තුළින් වියදම් පාර්ශ්වය අඩු කර

ගැනීම සිදු කර ගත හැකියි. මෙම ඉලක්කය ජය ගැනීම කළ හැකි දෙයක්, කිමද අද ලොව ආර්ථික සමෘද්ධියෙන් අග තැන්පත් රටවල් බොහොමයක් පාහේ මෙවැනි දරුණු ආර්ථික, සමාජීය කඩා වැටීම්වලට ලක්වූ ඒවායි. දකුණු කොරියාව, ජපානය, චීනය, වියට්නාමය, තායිලන්තය වැනි නැගෙනහිර ආසියානු රටවල් ශ්‍රී ලංකාවට වඩාත් සමීප උදාහරණයි.

“මූල්‍ය කළමනාකරණය හා සකසුරුවම්කම තුළින් ජීවිතය ජයගැනීමට පෙරමග කියන අප එදා ශ්‍රී ලාංකික ජනතාවට ‘සතෙන් සතේ රුපියලෙන් රුපියල’ ඉතුරු කරන්නට ඉගැන්වූවා.” අප සමග එක්ව තම ජීවන තත්ත්වය නඟා සිටුවාගත් සුවහසක් ගනුදෙනුකරුවන් සහ අද දිනයේත් හෙට දිනයේත් අප සමග අත්වැල් බැඳගන්නා ජනතාව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සැබෑ ම වත්කමයි. දශක පහක් පුරාවට ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අදත් හෙටත් සුරැකීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අපි ඇපකැප වෙමු.

එමෙන්ම පනස් එක් වසරක ප්‍රෞඪ ගමන්මග ඔස්සේ මාතෘ භූමියේ අනාගත මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කිරීමටත් ශ්‍රී ලාංකීය ජනීජනයාගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් සිය ලාභදායීත්ව මට්ටම් තවත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලබා දුන් අපගේ ආදරණීය ගනුදෙනුකරුවන්හට අපගේ ගෞරවය නිතැතින්ම හිමිවෙයි.

51 වසරක් ශ්‍රී ලාංකේය විශ්වාසය රැකි

සාමාන්‍යාධිකාරී /ප්‍රධාන විධායක නිලධාරී
අජිත් පීරිස් මහතා

advertistmentadvertistment
advertistmentadvertistment