57 වැනි යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක‍්‍රීඩා තරගාවලිය

111

හිමාෂ වේගවත්ම කිරුළ දිනද්දී ලක්ෂිකාගෙන් තරගාවලි වාර්තාවක්

57 වැනි යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක‍්‍රීඩා තරගාවලියේ මී.100 පිරිමි ඉසව්වේ ශූරයා බවට පත්වීමට හිමාෂ ඒෂාන් ක‍්‍රීඩකයා සමත් විය. ඒ අදාළ ඉසව්ව තත්පර 10.29කින් නිමාවට පත්කරමිනි.

57 වැනි යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක‍්‍රීඩා තරගාවලිය

එහි කාන්තා මී.100 කඩුළු ඉසව්වේ ශූරිය බවට පත්වන්නට ලක්ෂිකා සුගන්ධි සමත් වූ අතර එම ඉසව්ව තත්පර 13.84කින් නිම කිරීමට ඇය සමත්වූවාය. එය තරගාවලි වාර්තාවක් ලෙසින්ද සනිටුහන් විය.

කාන්තා මීටර් 10000 ඉසව්වෙන් ශූරිය බවට පත්වීමට එච්.එම්.පී. හේරත් ක‍්‍රීඩිකාව සමත් වූවාය. ඇයගේ තරග නිමි කාලය ලෙස මිනිත්තු 37.22.50ක් ලෙසින් සටහන් විය.

තරගාවලියේ අවධානයට ලක් වූ පිරිමි උස පැනීම ඉසව්ව ජය ගැනීමට පසුගිය දා මීටර් 110 කඩුළු ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිට වූ රොෂාන් ධම්මික රණතුංග සමත්විය. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මී.2.14කි.

කසුන් රණවීර
ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment