රූ කිරුළ අවසන් රූමතියන් 12 තේරෙයි

533

නවලිය අඛණ්ඩව 05 වැනි වරටත් මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන රූපවාහිනී රූ කිරුළ 2022 තරගයේ පළමු වටය සඳහා රූපවාහිනී පරිශ‍්‍රයට දිවයිනේ සිවු දෙසින් පැමිණි රූමතියන් 2000කට අධික සංඛ්‍යාව අතරින් තෝරා ගැනුණු රූමතියෝ 125දෙනා පසුගිය 25 වැනිදා උදේ 10.30 ට පැවැති රූ කිරුළ දෙවැනි වටය සඳහා ඉදිරිපත් වූහ.

ජාත්‍යන්තර මෝස්තර නිරූපණ තරග සහ රූ රැජින තරග අධ්‍යක්‍ෂ ලෝචින් වොං, ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන අධ්‍යක්‍ෂ චන්න විජේවර්ධන, ප‍්‍රවීණ ඇඳුම් නිර්මාණ සහ රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර මෙන්ම සම්මානලාභී රංගවේදිනී උදාරි පෙරේරා යන අයගේ පූර්ණ අධීක්‍ෂණයෙන් 02 වැනි වටයට සුදුසුකම් ලැබූ රූ කුමරියන් 125 දෙනාගෙන් 50 දෙනකු ද ඒ අතරින් 20 දෙනකු ද තෝරා ගත් අතර අවසානයේ දී අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිත ජාතික රූ කිරුළ 2022 අවසන් මහ තරගය සඳහා රූමතියන් 12දෙනකු ද ඉන් තෝරා ගන්නා ලදී.

ලීවර් ආයුෂ් සන්නාමය ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබාදෙන රූපවාහිනී රූ කිරුළ 2022 වැඩසටහනේ මෙහෙයවීම ප‍්‍රවීණ නිවේදක නිවේදිකා දෙපළක් වන දිනුෂ පියදාස සහ අචලා කරුණාරත්න විසින් සිදු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment