6 හැවිරිදි දැරියට  අතවර කළ විවාහකයා  දස වසරක් හිරේ

437

සය හැවිරිදි කුඩා දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම පිළිබඳව අධි චෝදනා ලබා නඩු විභාගයෙන් අනතුරුව වරදකරුවූ 45 හැවිරිදි විවාහකයකුට මීගමුව පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා 18 දා බරලතළ වැඩ ඇතිව වසර 10 ක සිරදඬුවම් නියම කළේය.

ඊට අමතරව රුපියල් 15,000 ක දඩ සහ අපචාරයට ලක්වූ දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට විත්තිකරුට වැඩිදුරටත් නියෝග කෙරිණි.

සිරදඬුවම්, දඩ සහ වන්දි ගෙවීමට නියමවූ විත්තිකරු වූයේ රද්දොළුවේ පදිංචිකරුවකු වන දයාරත්න සිල්වා (45* නමැති විවාහකයෙකි. රජයේ අධිනීතිඥ අනුශිකා ප‍්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.

මීගමුව සමූහ – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment