60 ට වැඩි විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යැවීම අත්හිටුවූ නියෝගය දීර්ඝ කරනවාද තීරණය අද

114

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තම අධිකරණය විසින් නිකුත් කර ඇති තාවකාලික අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කරන්නේ ද නැති ද යන නියෝගය අද (01 දා) නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (31 දා) තීරණය කළේය.

විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු විසින් ගොනුකර ඇති එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේ කැඳවිණි.

2022.10.17 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති එම තීරණය බලරහිත කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment