60 දක්වා දීර්ඝ කළාට කැමැති නම් 55 න් පෙන්ෂන් පුළුවන්

171

පෞද්ගලික අංශයේ සේවක විශ‍්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කරනු ලැබූව ද සේවක අර්ථ සාධක හා සේවක සත්කාර අරමුදල්වල හිමිකාරත්වය ලබන ඕනෑම සේවකයකුට වසර 55 සම්පූර්ණ වූවිට එම අරමුදල්වල ප‍්‍රතිලාභ ලබාගෙන විශ‍්‍රාම යෑමේ හැකියාව පවතින බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා දිවයිනට ඊයේ (13දා) පැවසීය.

පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑම අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගත යුතු බවත් ඇමැතිවරයා කීවේය. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ දින වනවිට අවුරුදු 55 ක්වන සේවකයකුට අවුරුදු 57 දක්වා සේවය කිරීමට නීතිමය ප‍්‍රතිපාදනය හිමි වේ.

නව නීතියට අනුව අවුරුදු 54ක් වන සේවකයකුට අවුරුදු 58 දක්වා ද අවුරුදු 53ක් වන සේවකයකුට අවුරුදු 59 දක්වා ද අවුරුදු 52 ක් වන සේවකයකුට අවුරුදු 60 දක්වා ද සේවය කිරීමට හැකිවේ. අවුරුදු 52ට අඩු සහ ඉදිරියට බඳවා ගනු ලබන සියලූම සේවකයින් සඳහා විශ‍්‍රාම යෑමට අවුරුදු 60 දක්වා සිටිය හැකිය. මෙම හිමිකම ලැබෙන්නේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේ සිට බවත් ඇමැතිවරයා කීවේය. මේ වනවිට වයස අවුරුදු 55 ක් හා සේවකයින් විශ‍්‍රාම යෑමෙන් පසු කොන්ත‍්‍රාත් පදනම මත එම ආයතනවලම සේවය සඳහා තබා ගන්නා බවත් මෙම නීතිය සම්මත වීමත් සමග අදාළ සේවකයාට කොන්ත‍්‍රාත් පදනමෙන් තොරව වයස 60 දක්වා සේවය කිරීමට අවස්ථාව හිමිවන බවත් ඇමැතිවරයා කීවේය.

යම් සේවකයකු වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු තවදුරටත් 60 දක්වා තබා ගත නොහැකි නම් සේවා යෝජකයා විසින් සේවකයා නිසි සෞඛ්‍ය තත්ත්වයෙන් නොමැති බව වෛi වාර්තාවක් මගින් කම්කරු කොමසාරිස්වරයා වෙත දැනුම්දී සේවකයාගේ සේවය අවසන් කර ගැනීමේ අවස්ථාව ඔහුට හිමි කර දිය යුතු බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment