60 නීතිය නිසා – විශේෂඥ වෛද්‍යවරු 300ක් සහ වෛද්‍යවරු 3000ක් විශ්‍රාම යති

282

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අතුරු අයවැයෙන් අවුරුදු 60ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා වනවිට විශේෂඥ වෛද්‍යවරුන් 300කට ආසන්න පිරිසක් විශ්‍රාම යෑමට නියමිතව ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එය දිනක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් වැඩිම පිරිසක් විශ්‍රාම යන දිනය වනු ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශාල අර්බුදයකට හේතුවක් වනු ඇතැයි සැකයක් නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 43දෙනකු ද මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 30දෙනකු ද කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 17දෙනකු ද ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යදවරු 15දෙනකු ද මහරගම අපේක්‍ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 9 දෙනකු ද විශ්‍රාම යෑමට නියමිතය.

එසේම ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා එක්වන පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 33දෙනකු පමණ මෙරට දැනට සේවයේ නිරතව සිටින අතර ඉන් 8දෙනකු නව තීරණයත් සමග දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සුජීව තත්සර, විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment