60 වන සංවත්සරය සමරමින් ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසරේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරයි

124

2022 වසර සඳහා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය 2022 ජනවාරි මස 3 වන දින ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ අතර මේ අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපතිතුමන්, ආයතනික කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු විය.

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති සෞඛ්‍ය සහ ආරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව අවම සහභාගීත්වයක් සමඟ මෙම අවස්ථාව පැවැත්වූ අතර, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා සහ සියලූම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ‘දදප තාක්ෂනය ඔස්සේ සජීවීව විකාශය කරන ලදී. එසේම මෙම අවස්ථාව සඳහා සර්වාගමික චාරිත‍්‍ර වලට අනුකුලව ආශිර්වාද කිරීම සිදුවිය.

රාජ්‍ය රක්ෂණ ආයතනයක් ලෙස 1962 වසරේදී දී පිහිටුවන ලද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 ජනවාරි 01 වැනි දින 60 වන සංවත්සරය සමරන අතර දශක හයක් මුළුල්ලේ දේශය වෙනුවෙන් සිදුකරන ලද සේවාව සැමරීමද මෙහිදී සිදුවිය.

දශක 6ක් පුරා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ආයතනික අරමුණු රටේ ආර්ථික හා සංවර්ධන ඉලක්ක සමගින් පෙළගස්වමින් වැඩ විශිෂ්ට සේවාවක් සැපයීම සඳහා පෙරමුණ ගෙන ඇති අතර සියලූම ව්‍යසනකාරී තත්වයන් හමුවේ රටට සහය වීම සඳහා ප‍්‍රමුඛත්වය ගෙන තිබේ. සිය ආයතනික දැක්ම සහ මෙහෙවරට අනුකුලව උසස් ප‍්‍රමිතීන් ආරක්ෂා කරමින් රක්ෂණ සේවාවන් සැපයීම සඳහා නිරන්තරයෙන් වෙනස්කම් සිදුකරමින් නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි.

එසේම මෙම ජයග‍්‍රාහී 60 වසර සැමරීම නිමිත්තෙන්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය රක්ෂණ අවශ්‍යතා රාශියක් ආවරණය කිරීම සඳහා ”Medi 60” ජ්‍යෙෂ්ඨ පුරවැසි සෞඛ්‍ය රක්ෂණ සැලැස්ම හඳුන්වා දෙයි. ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රගතිය සඳහා ජ්‍යෙෂ්ඨ පරම්පරාව දක්වන ලද වටිනා දායකත්වය සලකමින් සහ වයස් සීමාවන් හේතුවෙන් රක්ෂණ පහසුකම් ලබාගැනීම සඳහා ඔවුනට ඇති සීමිත ප‍්‍රවේශය හඳුනාගනිමින් මෙම රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ.

Medi 60 සෞඛ්‍ය ආවරණය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රෝහල් සහ ශල්‍යකර්ම වියදම් සහ ඖෂධ වියදම් ඇතුළුව වෛද්‍ය ගාස්තු ප‍්‍රතිපූරණය කිරීමට හැකියාව ලබා දේ. වයස අවුරුදු 60 ත් 70 ත් අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම ආවරණය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙන අතර, රක්ෂණ ඔප්පුහිමියාගේ වයස අවුරුදු 80 ළඟා වන තෙක් රක්ෂණ ඔප්පුව අලූත් කළ හැකිය. එපමණක් නොව, මේ ඔස්සේ ayubo.life සමඟ එක්ව ඔප්පුහිමියන්ට රසායනාගාර පරීක්ෂණ සඳහා සහ ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ආකර්ෂණීය වට්ටම් ලැබෙන අතර නොමිලේ සුවතා වැඩසටහන් සඳහා සම්බන්ධ විය හැකිය.

එහිදී අදහස් දැක්වූ සභාපති ඉංජිනේරු. විජිත හේරත් සඳහන් කළේ, අප දේශය වෙනුවෙන් සිදුකල 60 වසරක විශිෂ්ට මෙහෙවර සමරන මේ මොහොතේ මෙම කීර්තිමත් ආයතනය ස්ථාපනය කල නායකයින්ගේ දැක්ම අපි සිහිපත් කරමු. මේ ඓතිහාසික සන්ධිස්ථානයේ දී අප පරම්පරාවෙන් පරම්පරාවට දේශය සුරකිමින් විශ්වාසය සුරකිමින් සේවය ලබාදුන් බවද මේ අවස්ථාවේ අභිමානයෙන් මතක් කරමු. රක්ෂණයේ වැදගත්කම ජනතාව අතරට රැගෙන යාම අපගේ උර මත වූ ජාතික වගකීමක් ලෙසින් සලකමින් එය ඉටුකිරීම සඳහා අප පෙරමුණ ගෙන සිටිමු. සියලූම ශ‍්‍රී ලාංකිකයන් සඳහා නව්‍ය සහ දැරිය හැකි රක්ෂණ විසඳුම් ලබාදෙමින් දේශයට සේවය ලබාදීම සඳහා අභ්‍යන්තර හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරන්නෙමු. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව මානයන් සනිටුහන් කරමින් ශ‍්‍රී ලාංකිකයන් සඳහා අඛණ්ඩව විශිෂ්ට රැකවරණයක් ලබාදීමට අප සුදානමින් සිටිමු.

ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment