60 වැඩි අයට සිව්වැනි මාත්‍රාවක්

143

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන සිව්වැනි එන්නත් මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ‘දිවයින’ ට ඊයේ (06 දා) පැවසීය.

මේ අනුව එම සිව්වැනි එන්නත් මාත්‍රාව ලබන 09 වැනිදා සිට දිවයින පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී ලබාගත හැකි බව ද ඇමැතිවරයා කීය.

මෙම සිව්වැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ස්ව කැමැත්ත මත ලබාගත හැකි බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් කොවිඩ් තවමත් සමාජයෙන් පහ වී ගොස් නොමැති බැවින් සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම අනුගමනය කරන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment