60 වැනි ඉන්දීය අන්තර් ප‍්‍රාන්ත මලල කී‍්‍රඩා තරගාවලිය…. කාලිංග රන් දිනයි

188

ඉන්දියාවේ පැවැත්වෙන 60 වැනි අන්තර් ප‍්‍රාන්ත මලල කී‍්‍රඩා තරගාවලියේදී පිරිමි මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ කාලිංග කුමාරගේ ඊයේ (28 වැනිදා* සමත්විය. එ් අදාල ඉසව්වේදී තත්පර 45.73ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමිනි.
 
 තරගාවලියේ සිව්වැනි දිනය වූ ඊයේ දිනයේදී පිරිමි මීටර් 400 අවසන් මහා තරගයට පිවිසි කාලිංග කුමාරගේ එම ඉසව්වේ පළමු ස්ථානයට පත් වෙද්දී හරියානා කී‍්‍රඩක වික‍්‍රම් තත්පර 46.83 ක කාලයකින් තරගය නිමාකරමින් එහි දෙවැනි ස්ථානයට පත්විය. දිල්ලි ප‍්‍රාන්තය නියෝජනය කළ සාර්තික් එහි තෙවැනි ස්ථානයට පත් වෙද්දි ඔහු වාර්තා කළ කාලය තත්පර 47.25ක් වේ.
 
 කාලිංග කුමාරගේ ඊයේ දිනයේදී වාර්තා කළ කාලය සිය පෞද්ගලික හොඳම කාලය ලෙසින් සටහන් විය. එ් අනුව කාලිංගගේ මීට පෙර හොඳම පෞද්ගලික කාලය තත්පර 45.99ක් ලෙස සටහන් වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment