6000ට තිබුණු වල්නාශක 12000 ට නැගලා….. යූරියා මිටිය රුපියල් 6000ට 7000ට විකුණා ගොවියන්ව සූරා කනවා

345

මාස් කන්නය කරන්නේ කොහොමදැයි ආණ්ඩුව ගොවියාට කිව යුතුයි

මේ දිනවල කූට වෙළෙඳුන් ගොවියන් ගසා කමින් ඉතාම ඉහළ මිල ගණන්වලට කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවත් රජය හෝ නිලධාරීන් හෝ මෙතෙක් මාස් කන්නයේ ගොවිතැන් කරන්නේ කෙසේදැයි නිල වශයෙන් ගොවීන් දැනුම්වත් කර නැති බවත්” ඒ වෙනුවට පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරු හැදීමට දඟලමින් සිටින බවත් ‘ගොවි බිමේ මිතුරෝ’ ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරයි.

එම ගොවි සංවිධානය මෙම චෝදනා එල්ල කළේ පෙරේදා (23 දා) දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ආතර් තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය. ‘‘මේ වෙනකොට වල්නාශක ගිය කන්නයේ රුපියල් 6000 කට විකිණුවා. අද ඒක 12000 ක් දක්වා වැඩි කරලා. කූට වෙළඳුන් ගොවියාව සූරා කනවා. කවුරුහරි කියනවා නම් වල්නාශක නැතුව ගොවිතැන් කරන්න පුළුවන් කියලා” ඒක කියන කෙනා පට්ටපල් මෝඩයෙක්. වල් නාශක නැතුව කුඹුරුවල හැදෙන්නේ තණකොළ. වල්නාශක නැති වුණොත් ලබන කන්නයේ ඉඳලා මේ රටේ මිනිස්සුන්ට කන්න වෙන්නේ තණකොළ ඇට තමයි. මේක වී ගොවිතැන ඉවත් කරන්න රජයෙන් කරන උපක‍්‍රමයක්ද කියලා අපට සැකයක් තියෙනවා.

අද කට්ටියක් පරාක‍්‍රම සමුද්‍රය අල්ලා ගෙන මං තීරු හදන්න දගලනවා. වී මිල රුපියල් 55 ක් ඇති කියලා කියනවා. මේ වැඩ කරන්නේ ගොවියෝ නෙමෙයි බත් කන මිනිස්සුද කියලා හිතෙනවා. අපි කියනවා ලොකු පාප කර්මයකුත් ඇති කරගෙන සංඝ භේදයක් නිර් මාණය කරලා තියෙනවා. මාධ්‍ය ඉස්සරහා වී මිල 55 ක් ඇති” මං තීරු හදන්න ඕන කියලා කෑගැහුවේ වෙන කවුරුවත් නෙමෙයි ඒ අයගේ හෙන්චයියෝ. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා වැවේ මං තීරු හදන්න එන්න එපා.

මෙහිදී අදහස් දැක්වූ ගොවිබිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ඞී. සරත් ජයසිංහ මහතා පැවසුවේ”

”යූරියා මිටිය රුපියල් 6000 ට 7000 ට විකුණා ගොවියන්ව සූරා කනවා. තෙලූත් එහෙමයි. සමහර ඒවා කල් ඉකුත්වෙලා. කල් ඉකුත් වෙච්ච ඒවා විකුණන්නත් බෑ. මේ වෙනකල් ගොවියාට කියා නෑ කොහොමද ළග එන මාස් කන්නයේ වගා කරන්නේ කියලා. ස්ථිරව පැහැදිලි ප‍්‍රකාශයක් රජය කරන්න ඕන. මේ සැරේ කොහොමද ගොවිතැන කරන්නේ කියලා. අපට පොහොර කොච්චර ප‍්‍රමාණයක් දෙනවාද එහෙම නැත්තං නොදෙනවාද? කාබනික පොහොරවලින් කොහොමද කරන්නේ? එහෙම කරනවා නම් කොච්චර කුඹුරකට ඕනද? කොහොමද ක‍්‍රියාත්මක වෙන්නේ? අපේ ගොවි ජනපදවල රාජ්‍ය නිලධාරින් ඉන්නවා. අදාළ ඒවා දැනුම්වත් කරන්න. හැබැයි අද වෙනතෙක් එහෙම දැනුවත් කරලා නෑ. වසර ගණනකින් කෙත් ඇළවල් පිළිසකර කරලා නෑ. ගොවි බිම්වල ගොවියන්ගේ ගැටලූ විශාල ප‍්‍රමාණයක් තියෙනවා. ඒවාට මැදිහත් වෙන්න. ඇවිදින මංතීරු හදන්න නෙමෙයි තියෙන්නේ. රජය කරවන ආණ්ඩුව මේ වෙලාවේ ගොවියාගේ මේ ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්න කියලා ඉල්ලා හිටිනවා.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල

advertistmentadvertistment
advertistmentadvertistment