63 වන විය සපුරණ රණස්ගල්ලේ ඤාණවීර හිමිපාණෝ

55

ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ‍්‍රැත, ධර්මධර, ධර්මානුප‍්‍රතිපත්තීන් සුරකින භික්‍ෂූන් වහන්සේලා නිසා මෙම බුද්ධ ශාසනය බැබළෙන බව සත්‍යයකි. මෙම සියලූ භික්‍ෂු ගුණාංගයන්ගෙන් සපිරි මහතෙර නමක් වන රත්මලාන මල්ලිකාරාමය හා වැල්ලවත්ත විජයාරාමය යන උභයවිහාරාධිපති අමරපුර ශ‍්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, රාජකීය පණ්ඩිත, ති‍්‍රපිටකවේදී, ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය රණස්ගල්ලේ ඤාණවීර මාහිමිපාණන් වහන්සේගේ 63 වන ජන්ම දිනය නොවැම්බර් මස 27 වන දිනට යෙදී තිබුණි.

 වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුලියාපිටිය පුරවරයේ රණස්ගල්ල නම් රමණීය ග‍්‍රාමයෙහි වර්ෂ 1958 ක් වූ නොවැම්බර් මස 27 වන දින ජන්මලාභය ලැබූ උන්වහන්සේගේ දෙමවුපියන් වූයේ, ජයසිංහ ආරච්චිගේ ධීරසේකර සහ පීරිස් සෝමවතී යන දම්පතීන්ය. සහෝදරයන් පස් දෙනකු හා සහෝදරියකගෙන් යුත් පවුලේ බාල පුත‍්‍රයා විය.

 මූලික අධ්‍යාපනය රණස්ගල්ල කණිටු විiාලය හා නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විiාලයන්ගෙන් සපිරුණු අතර, පාසලෙහි ගුරුවරුන්ගේ කීකරුම පුංචි සිසුවා ලෙස සැමදෙනාගේ ආදර ගෞරවයට උන්වහන්සේ පාත‍්‍ර විය.

 1970 මාර්තු මස 16 වන දින අමරපුර ශ‍්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ උත්තරීතර මහානායක ධුරන්දර පරමපූජනීය මඬිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වෙත දෙමවුපියන් විසින් අලව්ව, වීදියවත්ත ග‍්‍රාමයේදී මෙම දරුවා සසුනට පූජා කරන ලදී. ඉන්පසු එදිනම රත්මලාන මල්ලිකාරාමාධිපති අමරපුර ශ‍්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ අනුනායක අතිපූජ්‍ය වැලිගම ශ‍්‍රී ඤාණරතන මහනාහිමියන් වෙත මෙම දරුවා භාර කරන ලදී.

 ඉන්පසු මල්ලිකාරාම විහාරස්ථානයේ දහම් වත් පිළිවෙත් උගෙන ගැනීමෙන් අනතුරුව 1970 මැයි මස 21 වන දින උතුම් වූ පැවිදි දිවියට රණස්ගල්ලේ ඤාණවීර නමින් ඇතුළත් විය. උන්වහන්සේගේ ආචාර්යන් වහන්සේ ලෙස පරමපූජනීය වැලිගම ශ‍්‍රී ඤාණරතන ස්වාමීන්වහන්සේද, උපාධ්‍යායන් වහන්සේ වශයෙන් මඬිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ ඉදිරිපත් වූහ.

 අනතුරුව 1978 දී පරමපූජනීය වැලිගම ඤාණරතන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ආචර්යත්වයෙන් හා පරමපූජනීය මඬිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය අම්පිටියේ රාහුල මාහිමිපාණන් වහන්සේ හා බම්බලපිටිය වජිරාරාමවාසී පූජ්‍ය පියදස්සී මාහිමිපාණන් වහන්සේලාගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පන්න වූහ.

 තම අධ්‍යාපන ගමන් මගේ අභිවෘද්ධි සනිටුහන් කරමින් ප‍්‍රාචීන භාෂෝපකාර සමිතිය මගින් පවත්වනු ලබන රාජකීය පණ්ඩිත විභාගය සමත්වූහ. එසේම 1984 දී ත‍්‍රිපිටකවේදී ගෞරව උපාධිය සපුරා මෙම අවධියේදී වැලිගම මහානායක මාහිමියන්ගේ ශිෂ්‍යයන් අතර රාජකීය පණ්ඩිත උපාධිය ලැබූ පළමු ශිෂ්‍යයා බවට පත්වීමට උන්වහන්සේට හැකියාව ලැබුණි.

 කුඩා කල සිට ප‍්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය සහ සතර දිග්භාගයේ ධර්ම දේශනා පවත්වමින්, ඒවා අටුවා – ටීකා – ටිප්පනි අනුව හා වර්තමානයට ගැළපෙන පරිදි තම ධර්ම ඥාණය ශ‍්‍රාවක හුදීජනයාට ලබාදීමට කටයුතු කළහ.

 කාලයාගේ ඇවෑමෙන් ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව මල්ලිකාරාම විහාරස්ථානයේ විහාරාධිපතිධුරය සංඝ සභාව විසින් ඤාණවීර හිමිපාණන් වහන්සේට පිරිනමන ලදී. එමෙන්ම සුපින්වන් සඟ පරපුරක් උදෙසා මහානායක හිමියන්

 ගමන්කළ මගෙහි යමින් සිය ආචාර්යත්වයෙන් බුදු පුතුන් තනන්නට පීතෘත්වයෙන් දරන ප‍්‍රයත්නය සදා අනුස්මරණීය වේ.

 උන්වහන්සේ තනතුරු සොයා ගිය කෙනෙක් නොවන අතර, තනතුරු උන්වහන්සේ සොයා ආහ. අමරපුර ශ‍්‍රී ධර්මරක්‍ෂිත නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත්වීමත්, තවද වැල්ලවත්ත විජයාරාම විහාරයේ වැඩ විසූ අහංගම ආනන්ද අධිකරණ සංඝනායක මාහිමියන් අපවත්වීමෙන් අනතුරුව තම නිකාය විසින් එහි විහාරාධිපතිධුරයටද පත්කරනු ලැබූහ. මල්ලිකාරාම මහාවිහාරයට අනුබද්ධිත විහාරයන්හි චිරස්ථිතිය උදෙසා තම පැවිදි සහෝදරයන් හට අවවාද අනුශාසනා පමණක්ම නොව අවශ්‍ය පහසුකම් සළසා දීමට කරන කැපවීම අගය කළ යුතුමය.

 අශෝක ගුණරත්න

advertistmentadvertistment
advertistmentadvertistment