64 හැවිරිදි කාන්තාව බිය ගන්වා අතවරත් කරලා

931

නාගොඩ, කුරුපනාව ප්‍රදේශයේ නිවසකට ඇතුල්වු පුද්ගලයකු එම නිවසේ සිටි 64 හැවිරිදිවියේ පසුවූ කාන්තාව බිය ගන්වා රන්භාණ්ඩ ඉල්ලා ඇය දුෂණය කොට රුපියල් 25,000ක් පමණ වටිනා කරාබු ජෝඩුව ද සොරකම්කරගෙන ගොස් ඇති බැව් නාගොඩ පොලිසිය පවසයි.

අටවැනිදා මෙම සිද්ධිය වී ඇත. සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මෙම කාන්තාව පමණි. මෙකී දුෂණයට සම්බන්ද සැකකරු නාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 30 හැවිරිදිවියේ පසුවන අවිවාහකයෙකි. මොහු මත්කුඩුවලට ඇබ්බැහිවි සිටින අයෙකු බව පොලිසිය පවසයි. නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකර අත්අඩංගුවට ගනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment