65 හැවිරිදි අම්මා අතරමං කර දරුවෝ පළා ගිහින්

718

උතුම් සිරිපා වන්දනාවට ඇවිත් බෙරළුගස්හින්නේ නරුම දරුවෝ මහා පාපකර්මයක් සිදුකරගනිති

හැටන් ප්‍රදේශයේදී 26 දින රාත්‍රියේ දරුවන් විසින් අතරමං කර ගියේ යැයි කියන 65 හැවිරිදි මවක් ගම්වාසින් විසින් දැක හැටන් පොලිසිය වෙත භාර දී ඇත.

මෙසේ අතරමං වී ඇත්තේ නාවලපිටිය බෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රානි කුසුමා (65) යන අයයි.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි එම මව සිය දරුවන් සමග අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට පැමිණි බවත්, පසුව ඇය දරුවන් විසින් අතරමං කර ගිය නිසා හැටන් නගරයට පැමිණ හැටන් ගාමිණිපුර ප්‍රදේශයට පැමිණ මාර්ගය අසල වැටී සිටියදී ගම්වාසීන් විසින් දැක එම මව හැටන් පොලිසිය වෙත භාර දී ඇත. හැටන් පොලිසිය කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි බව පැවසෙන මෙම මව විසින් ලබාදුන් තොරතුරු අනුව එම මවගේ ඥාතීන් වෙත නාවලපිටිය පොලිසිය හරහා දැනුම් දීමක් කර ඇති බවයි. මෙම මව භාර ගැනීමට ඥාතීන් කිසිවෙක් ඉදිරිපත් නොවුණ හොත් අතරමග දමා ගිය කාන්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි කටයුතු සිදු කරන බව හැටන් පොලිසිය පැවසීය. හැටන් පොලිසිය භාරයේ සිටි එම මව පිළිබඳ වැඩිදුර තොරතුරු වෙතොත් ඒ පිළිබඳ හැටන් පොලිසිය වෙත දැනුම් දෙන ලෙස හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment