72 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ 10936කට උසස්වීම්

202

හැත්තෑදෙවැනි (72) යුද හමුදා සංවත්සරය නිමිති කරගෙන ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 10936 දෙනකුට උසස්වීම් ලබා දීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගෙන තිබේ.

නිලධාරීන් 567 දෙනකුට සහ සෙසු නිලයන් 10369 කට මෙසේ උසස්වීම් පිරිනමා ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් 08 දෙනකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරුන් 17 ක් බි‍්‍රගේඩියර් නිලයටත් උසස් කර ඇති අතර, ලූතිනන් කර්නල්වරුන් 42 දෙනකු කර්නල් නිලයටත්, මේජර්වරුන් 60 දෙනකු ලූතිනන් කර්නල් නිලයටත්, කපිතාන්වරුන් 256 ක් මේජර් නිලයටත් උසස් කර තිබේ.

එසේම ලූතිනන්වරුන් දස දෙනකු කපිතාන් නිලයටත්, දෙවැනි ලූතිනන්වරුන් 152 දෙනකු ලූතිනන් නිලයටත් උසස් කෙරුණු බව ආරක්‍ෂක අමාත්‍යාංශය ස`දහන් කරයි.

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය ඊයේට (10 වැනිදාට)  යෙදී තිබුණු අතර තිස් වසරක් පුරා පැවති එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරදා මාතෘ භූමියට නිදහස දිනා දෙමින් කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රාණ ඇපයට සිරවී සිටි උතුරේ අසරණ දෙමළ ජනතාව බේරා ගැනීම ස`දහා ත‍්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමක් දියත් කළ ලොව එකම හමුදාව ද ශී‍්‍ර ලංකා යුද හමුදාව වේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment