රුධිර වායු විශ්ලේෂකවලට අවශ්‍ය ප්‍රතික්‍රීයක නෑ – රෝහල්වල දැඩි සත්කාර අධි සත්කාර  ඒකකවලට අසාධ්‍යයි

136

රටපුරා රෝහල්වල දැඩි සත්කාර ඒකක :ෂක්‍ඹ* අධි සත්කාර ඒකක :්‍යෘඹ* පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එම ඒකක සඳහා අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේෂක යන්ත්‍රවලට අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබීම මෙම අර්බුදයට හේතු වී ඇතැයි ද එම සංගමය කියා සිටී. රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක වෙනුවෙන් සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු රුපියල් මිලියන තුන්සියයක පමණ මුදලක් ගෙවීම මාස හතරක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැර හැරීම නිසා තවදුරටත් රෝහල් වෙත එම ප්‍රතික්‍රීයක ලබා දීමට නොහැකි බව සමාගම් විසින් දැනුම් දී තිබීම මෙම උග්‍ර අර්බුදයට මුල් වී ඇතැයි ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. වත්මන් අගමැතිවරයා විසින් සෞඛ්‍ය සේවාව පිළිබඳව සොයා බැලීමේ වගකීම හිටපු ඇමැතිවරයකු වූ රුවන් විජේවර්ධන මහතාට පවරා ඇතත් මෙම ගැටලු සම්බන්ධයෙන් එම පාර්ශ්වයන් සමග මෙතෙක් සාකච්ඡාවක් පවා සිදු කර නොමැති බව ද එම සංගමයේ සභාති රවි කුමුදේශ් මහතා කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment