75%ක් ඩෙල්ටා පැතිරුවේ රෝග ලක්‍ෂණ නැති අය… බටහිර පර්යේෂකයෝ කියති

296

දැනට ලොව පුරා රටවල පැතිර යන ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය ආසාදනය වී ඇති අයගෙන් සියයට 75කට පමණ එම වෛරස් ප‍්‍රභේදය පතුරුවා ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඩෙල්ටා ආසාදිතයන් විසින් බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයක දී අනාවරණය කර ගෙන තිබේ.

 ඩෙල්ටා ආසාදිතයන්ට රෝග ලක්ෂණ මතු වීමට දින දෙකකට පමණ පෙර එම වෛරස් ප‍්‍රභේදය තම අවට සිටින්නන්ට පැතිරවීමේ හැකියාව තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව එංගලන්තයේ පළ වන ප‍්‍රකට ‘නේචර්’ විද්‍යා සඟරාවේ සඳහන් කර ඇති එම අධ්‍යයන වාර්තාවෙහි තිබේ. කොරෝනා එන්නත් ලබා ගත් ඩෙල්ටා ආසාදිතයන් පිරිසකට ද එන්නත් ලබා නොගත් ආසාදිතයන්ට මෙන්ම රෝග ලක්ෂණ පහළ වීමට පෙර වෛරස් ප‍්‍රභේදය අන් අයට පැතිරවීමේ හැකියාව පවතින බව පර්යේෂකයෝ පවසති.

 කලින් ලොව පුරා පැතිර ගිය කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාව ආකාරයෙන් පැතිර ගිය ද ඩෙල්ටා ප‍්‍රභේදය ලොව පුරා පැතිර යනුයේ ඉන්ෆ්ලූවන්සා, පෝලියෝ, වසූරිය, එබෝලා හා කුරුලූ උණ වැනි රෝගවලටත් වඩා වැඩි වේගයකින් බව එංගලන්තයේ ‘කොවිඞ් -19’ කාර්ය සාධන බළකායේ වෛද්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ස්ටෙෆාන් අම්මොන් පවසයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment