75වැනි නිදහස් උළෙල සැමරේ

110

ශ්‍රී ලංකාවේ 75වැනි නිදහස් උළෙල ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී අද පෙරවරුවේ පැවැත්විණි. මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ත මහත්මිය ඇතුළු විදෙස් රාජ්‍ය නියෝජිතයින් රැසක් ද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද රාජ්‍ය නිලධාරීන්ද රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උත්තමාචාර පෙළපාලි සහ සන්නද්ධ රථ පෙළපාලි වලින් සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පැරිෂුට් සංදර්ශනයකින් නිදහස් උළෙල වර්ණවත් කරනු ලැබීය. ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමෙන් පසු නිදහස් උළෙල අවසන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment