75 වන නිදහස් සමරුව අඩු වියදමකින් සමරමු-අගමැති

81

නිදහසේ 75 වන සමරුවේ ඓතිහාසික තත්ත්වය සහ අභිමානවත් බව සලකා බලා අලු‍තින් සිතා අලු‍ත් ආකාරයකට, ජාතික උත්සවය සහ රට පුරා සැමරුම් සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එම උළෙල සංවිධාන කරන සියලු‍ පාර්ශ්ව වෙත උපදෙස් ලබාදුන්නේය.

නිදහසේ 75 වන සමරු උළෙල – 2023, කමිටු සාමාජිකයන්ගේ කාර්යභාරය පිළිබඳ අද (14) දින, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කීය.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, වෙනදා මෙන් නිදහස් උත්සවයක් නොව, නිදහසේ 75 වන වසර යනු සුවිශේෂි අවස්ථාවක් බවය. එය තේරුම් ගෙන ජාතික උත්සවයේ සියලු‍ කටයුතු, නිදහසේ ඉතිහාසයද සම්බන්ධ කරගනිමින්, අඩු වියදමින් සියලු‍ පාර්ශ්වයන්ගේ සහයෝගය ගෙන අලු‍තින් සිතා නිර්මාණාත්මක ආකාරයෙන් පවත්වන ලෙස ඔහු උපදෙස් ලබාදුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment