76 වැනි බ්‍රැඩ්බී පළිහ රාජකීයයන්ට

169

කොළඹ දී ලත් පළමු අදියර පරාජයේ වේදනාව යම් තරමකින් සමනය කර ගැනීමට ඉකුත් සෙනසුරාදා (03) සවස මහනුවර ත්‍රිත්ව විදුහල සමත් වුවද එම දක්ෂතාවය මෙවර “බ්‍රැඩ්බී පළිහ” හිමිකර ගන්නට තරම් ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව ලකුණු 50 – 26 ක් ලෙස පෙරමුණ ගත් රාජකීය විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ 76 වැනි “බ්‍රැඩ්බී පළිහ” හිමිකම් කියන්නට සමත් වූයේ වැඩි ලකුණු 24 කින් වීම කැපී පෙණුනි.

ඉකුත් අගෝස්තු 20 දින රාජකීය විදුහල කොළඹ පදනම් මාවතේ පිහිටි තම ක්‍රීඩාංගණයේදී වාර්තා කර ගත් ලකුණු 29 – 00 ක ජයග්‍රහණය මෙවර “බ්‍රැඩ්බී පළිහ” තමන් සතු කර ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනයට ගත්තේය.

ලකුණු 29 ක වාසියක් ඇතිව ඉකුත් සෙනසුරාදා (03) සවස පල්ලෙකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු දෙවන අදියරට අවතීර්ණ වුවද එය ජය ගැනීමට රාජකීය විදුහලට නොහැකි වීම කැපී පෙණුනි. ඒ අනුව ලකුණු 26 – 21 ක් ලෙස දෙවන අදියරේ ජයග්‍රහණය සටහන් කර ගැනීමට ත්‍රිත්ව විදුහලට හැකියාව ලැබිණි.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 10 – 03 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහල ට හැකි විය.

මෙම තරගයේදී ත්‍රිත්ව විදුහල ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුම් 02 ක් සමග දඬුවම් පහර 03 ක් සාර්ථක කර ගත්තේය.

රාජකීය විදුහලේ ලකුණු එකතුව උත්සාහක දිනුම් 03 ක් සමග දඬුවම් පහර 02 ක් ආශ්‍රිතව සටහන් වුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment