විවිධ මාධ්‍ය මගින් චිත‍්‍රපට විනාශ වීම පිළිබඳ 1983 ජාතිවාදී කළු ජූලිය ප‍්‍රධාන හේතුව බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් විසින් අසත්‍ය ප‍්‍රචාර කරමින් ජනතාවට වැරදි අවබෝධ ලබා දෙමින් ක‍්‍රියා කරමින් සිටිති. මෙය අනාගත පරපුරට දෙනු ලබන වැරදි මතයකි. එහි යථාර්ථය අවබෝධ කරදීම මෙම ලිපියෙහි අරමුණයි.
1951 ප‍්‍රථමයෙන් ශ‍්‍රී ලංකාව තුළ චිත‍්‍රාගාරයක් තනන ලද්දේ එස්. එම්. නායගම්ය. එය කඳානේ ශ‍්‍රී මුරුගන් නව කලා චිත‍්‍රාගාරයයි. එහි ප‍්‍රථමයෙන්ම සම්පූර්ණයෙන්ම වැඩ නිම කරන ලද චිත‍්‍රපටය ‘‘බණ්ඩා නගරයට පැමිණීම’’ යි. එම චිත‍්‍රාගාරය 1965 එස්. පී. එම්. මුත්තයියා විසින් මිලදී ගන්නා ලදී. පසුව එය එස්. පී. එම්. චිත‍්‍රාගාරය විය. එහි ප‍්‍රථමවරට නිපදවන ලද චිත‍්‍රපටය ‘‘සැකය’’ විය. සිනමාස් සමාගම 1963 හැඳල විජය චිත‍්‍රාගාරය සම්පූර්ණ පසුකම්වලින් යුතුව නිමවා ප‍්‍රථමයෙන් ‘‘අදට වැඩිය හෙට හොඳයි’’ චිත‍්‍රපටය නිමකර පිටපත් මුද්‍රණයද එහිම සිදු කරන ලදී. 1947 කේ. ගුණරත්නම් සිනමාස් සමාගම පිහිටුවා කොළඹ බාබර් වීදියේ කිංස්ලි සිනමා ශාලාව ඉදිරිපිට චිත‍්‍රාගාරයක් ආරම්භ කරන ලදී. 1953 ප‍්‍රථමයෙන්ම සිනමාස් සමාගම ‘‘සුජාතා’’ චිත‍්‍රපටිය නිෂ්පාදනය කරන ලදී. සංදේශය චිත‍්‍රපටයේ පිටපත්ද මෙහි මුද්‍රණය කර ඇත.
1947 නව ජීවන සමාගම තංගල්ලේ සිරිසේන විමලවීර මහතා පිහිටුවා කිරිබත්ගොඩ නව ජීවන චිත‍්‍රාගාරය ආරම්භ කරන ලද්දේ 1953 දීය. නව ජීවන සමාගමේ ප‍්‍රථම චිත‍්‍රපටිය ‘‘අම්මා’’ වුවද නව ජීවන චිත‍්‍රාගාරය තුළ නිපදවන ලද පළමු චිත‍්‍රපටිය ‘‘පිටිසර කෙල්ල’’ විය. මෙයද පසුව සිනමාස් සමාගම සතුකර ගන්නා ලදී.
1964 කැලණියේ ‘‘සරසවි චිත‍්‍රාගරය’’ සම්පූර්ණ පහසුකම්වලින් යුතුව පිහිටුවා, මීට පෙර මෙය කොල්ලූපිටියේ අරම්භ කර එහි ගීත පටිගත කිරීම් සහ දෙබස් පටිගත කිරීම් පමණක් සිදු කර ඇත. පසුව මෙය කැලණියට ගෙන එන ලදී. 1974 දී එය රජයට පවරා ගන්නා ලදී. එම්. එස්. පෙරේරා, මදනායක මෙහි හිමිකරුවන් විය. 1964 බෙංගාලි චිත‍්‍රපටයක් වන ‘‘අම්බපාලි’’ චිත‍්‍රපටිය සිංහල දෙබස් පටිගත කර ප‍්‍රදර්ශනය කරන ලදී. මෙහි එකම සිංහල චිත‍්‍රපටයක් හෝ නිෂ්පාදනය නොකරන ලදී. 1980 සිට 1990 දක්වා කාලය තුළ වර්ණ රසායනාගාරයක් ද මෙහි පැවතිණ.
සරසවි චිත‍්‍රාගාරය රජයට පවරා ගනු ලැබූවත් එහි ඉඩම මදනායක සතුව පැවති බැවින් වර්ෂ 2000 දී කැබිනට් අනුමැතියක් ලබා ගෙන රජයේ තක්සේරු මුදල ගෙවා සම්පූර්ණයෙන්ම ලබා ගන්නා ලදී. මෙය තිස්ස අබේසේකර මහතා චිත‍්‍රපට සංස්ථාවේ සභාපති ධූරය දැරූ සමයේ සිදුවිය.
පොල්හේන්ගොඩ රජයේ චිත‍්‍රපට අංශයද 1949 දී ආරම්භ කරන ලදී. මෙය මීට පෙර බෞද්ධාලෝක මාවතේ පිහිටා තිබුණි. පසුව මෙහි නිෂ්පාදනය කළ මුල්ම වාර්තා චිත‍්‍රපටිය ‘‘නව දිවිය’’ චිත‍්‍රපටියයි. මෙහි ශබ්දාගාරයක්, සංස්කරණ මැදිරියක් සහ රසායනාගාරයක් පැවතිනි. 35 මි. මී. චිත‍්‍රපටවලට අමතරව 16 මි.මී. චිත‍්‍රපට ඇතුළු වර්ණ රසායනාගාරයක් ද පැවතුණි. මෙහි වැඩිම ප‍්‍රමාණයක් රජයේ වාර්තා චිත‍්‍රපට නිපදවන ලදී.
මෙයට අමතරව අඩු පසුකම්වලින් යුත් චිත‍්‍රාගාර කිහිපයක් ද පැවතුනි. වැල්ලම්පිටිය ආර්. ටී. චිත‍්‍රාගාරය, නුගේගොඩ ශ‍්‍රීධර චිත‍්‍රපට, බොරැල්ල සෙරන්ඩිබ් චිත‍්‍රපට, කොළඹ 05 සිනේ ලංකා චිත‍්‍රපට සමාගම සහ පසුව කෝට්ටේ ෆිල්ම් ලොකේෂන් සර්විස්, තලවතුගොඩ ටී. කේ. චිත‍්‍රාගාරය අතුළු තවත් කිහිපයකි. මෙම චිත‍්‍රාගාර චිත‍්‍රපට සැලකිය යුතු ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන ලදී.
1947 සිට ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට සෑහෙන ප‍්‍රමාණයක් ඉන්දියාවේ දී පිටපත් මුද්‍රණය කර ඇත. ‘‘රන්මුතු දූව’’ ‘‘වෙසතුරු සිරිත’’ වැනි වර්ණ චිත‍්‍රපට සහ වර්ණ දර්ශන අතුළත් කොටස් එංගලන්තයේ ආතර් ?න්ක් චිත‍්‍රාගාරයේ සිදුකර ඇත. ඒ කෙසේ වෙතත් මෙම දළ සේයාපට එම චිත‍්‍රාගාර තුළ තබා තිබූ අතර මේ වන විට ඒ සියල්ල විනාශ වී ඇත. 1990 පමණ තලාහේන ‘‘ඩිල් ෆිල්ම්ස්’’ කළු සුදු සහ වර්ණ රසායනාගාරය ආරම්භ කරන ලදී. මීට පෙර හොංකොං රසායනාගාර තුළ වර්ණ චිත‍්‍රපට කිහිපයක පිටපත් මුද්‍රණය කිරීම සිදු කරන ලදී. මෙම චිත‍්‍රපටවල දළ සේයාපට එම හොංකොං රසායනාගාරය තුළ තබා තිබූ නමුත් මේ වන විට සියල්ලම විනාශ වී ඇත. 2000 වර්ෂයෙන් පසු වැඩි ප‍්‍රමාණයක් චිත‍්‍රපට මුද්‍රණය සිදු කරන ලද්දේ ඉන්දියාවේ රසායනාගාර තුළය. සියලූම දළ සේයාපට සියල්ලම සම්පූර්ණයෙන්ම මේ වන විට විනාශය සිදු වී ඇත.
1983 ජූලි 23 වැනි සෙනසුරාදා දිනෙක කළු ජූලිය කොළඹින් ඇරඹුනි. දමිල ව්‍යාපාරිකයන්ට අයත් දිවයින පුරා සිනමා ශාලා කිහිපයක් අන්තවාදීන් ගිනිබත් කරන ලදී. ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, ටි‍්‍රයෝ – දෙහිවල, කල්පනා – කිරුළපන, රියෝ, නවා – කොම්පඤ්ඤවීදිය, රාජ් – මීගමුව, ලිබර්ටි – බදුල්ල, මොඩර්න් – බදුල්ල, මොඩර්න් – බණ්ඩාරවෙල, කිත්තම්පලම් – අනුරාධපුර, නිව් විජේන්ද්‍ර – අනුරාධපුර, ඉම්පීරියල් – මුතූර් කැෂිනෝ – මාතලේ ය.
එම අවස්ථාවේ එම සිනමා ශාලා තුළ ප‍්‍රදර්ශනය කරන ලද සහ ස්ථානගත කර තිබූ චිත‍්‍රපට පිටපත්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි. විශේෂයෙන්ම සිනමාස් සමාගමට මේ වන විට අයිතිය පැවති නාරාහේන්පිට ලංකා චිත‍්‍රාගාරය, හැඳල විජය චිත‍්‍රාගාරයට ද අලාභානි කරන ලදී. මෙහි කිව යුතු විශේෂ කරුණ වන්නේ හුදෙක් මෙම අලාභානි සිදුකර ඇත්තේ සිනමාස් සමාගම සමග පුද්ගලික එදිරිවාදිකම් ඇති පිරිස් මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමයි. විනාශයට ප‍්‍රධාන වශයෙන් වගකිව යුත්තේ එදා පැවති රජයයි.
නාරාහේන්පිට ලංකා චිත‍්‍රාගාරය පිහිටි භූමියේ සිනමාස් සමාගමේ හිමිකරු වන කේ. ගුණරත්නම් මහතාට අයිති කෙළඹ යාපනය ධාවනය සඳහා යොදා තිබූ බස් රථ එම භූමියේ ගාල් කර තබන ලදි. එම බස්රථ වලටද අන්තවාදීන් ගිනි තබා ඇත. මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් පුද්ගලයන් ලංකා චිත‍්‍රාගාරයද කඩා බිඳ දමා එහි තිබූ වටිනා බඩු බාහිරාදී දේ මංකොල්ල කා ඇත. එහෙත් එහි තිබූ චිත‍්‍රපට දළ සේයාපට චිත‍්‍රපට පිටපත් අස්ථානගත වී ඇත. ගබඩා කාමර කිසිවක් ගිනි ගැනීමට ලක් වී නොමැත.
1983 ජූලි 25 වැනි සඳුදා සවස 2.00 ට පමණ සිනමාස් සමාගම සතු හැඳල විජය චිත‍්‍රාගාරයටද මෙම විනාශය එලෙසම සිදු කර ඇත. එම චිත‍්‍රාගාරය යාබද කේ. ගුණරත්නම් සතු කේ. ජී. ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් තිබුණි. කලහාකාරීන් මෙම කම්හලට ගිනි තබා ඇත. මෙම කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී, ඒ හා සම්බන්ධව තිබූ විජය චිත‍්‍රාගායේ ශබ්දාගාරයට මෙම ගින්න පැතිර ගොස් ශබ්දාගාරය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී ඇත. එහෙත් චිත‍්‍රපට ගබඩා කර තිබූ ගබඩාවට හෝ රසායනාගාරයට, සංස්කරණ මැදිරියට ගින්නෙන් හානියක් සිදුවී නොමැත. කලහාකාරීන් විසින් මෙම ගබඩාවට හෝ සංස්කරණ මැදිරිවලට සුළු අලාභහානි සිදු කර තිබුණත් රසායනාගාරයට කිසිම හානියක් සිදු කර නොතිබුණි. චිත‍්‍රපට කිහිපයක් සී සී කඩ දමා ගොස් ඇත. මෙය සිදුවීමට පෙර සිට රටේ පැවති කලබලකාරී තත්ත්වය තුළ එහි සේවකයන් කිසිවක් සේවයට පැමිණ නැත.
මෙම සිද්ධිය සිදුවීමට දින කිහිපයකට පෙර සිනමාස් සමාගමේ කේ. ගුණරත්නම් නිෂ්පාදනය කරන ලද ‘‘ධීවරයෝ’’ ‘‘සංදේශය’’ ‘‘අදට වැඩිය හෙට හොඳයි’’ ‘‘චණ්ඩියා’’ ‘‘සුජාතා’’ ‘‘සූර චෞරයා’’ ‘‘සූරයා’’ ‘‘අල්ලපු ගෙදර’’ ‘‘ආත්ම පූජා’’ වැනි චිත‍්‍රපට නැවත ප‍්‍රතිසංස්කරණය කර නව පිටපත් සකස් කිරීම සඳහා ගබඩාවේ සිට රසායනාගාරයට ගෙනැවිත් තබා ඇත. එහෙත් මෙම සිද්ධියෙන් පිටපත් සහ දළ සේයාපටවලට කිසිම හානියක් සිදු වී නොමැත. මෙම ගබඩාවේ තිබූ සමහර චිත‍්‍රපට පිටපත් මේ ගැන ඉතා හොඳින් දන්නා යම්කිසි පුද්ගලයන් කලහාකාරීන් යොදවා සොරකම් කර ඇත. මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් සැලසුම් සහගත ක‍්‍රියාවක් බව පැහැදිලි වේ. චිත‍්‍රාගාරය සතුව තිබූ කැමරා, විදුලි ලාම්පු, සිනමා උපකරණසහ වෙනත් භාණ්ඩ සහ සිනමාස් සමාගමෙන් ආනයනය කරන ලද අලූත් ෆූජි දළ සේයාපටද සම්පූර්ණයෙන්ම සොරකම් කර ඇත.
විජය චිත‍්‍රාගාරය කලහාකාරීන් අලාභානි කරන අවස්ථාවේ සිනමාවට සම්බන්ධ වෙනත් වගකිව යුතු කිසිම අයෙක් මෙය අරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වී නැති බව මනාව පැහැදිලි වේ.
ඉතිරි කොටස ලබන සතියේ