85 පසු කළ ඒ.එච්.එම්. පවුසි

320

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ඒ. එච්. එම්. පවුසි මහතාගේ 85 වැනි ජන්ම දිනය පෙරේදාට (13 දා) යෙදී තිබිණි.

1959 දේශපාලනයට පිවිසි පවුසි මහතා කොළඹ නගර සභා ඉතිහාසයේ ළාබාලතම මන්ත්‍රීවරයකු ලෙස 1962 දී කොළඹ මහ නගර සභාවට (ග්‍රෑන්ඩ්පාස්) තේරීපත් විය. ඔහු 1968 කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පදවියටද 1969 කොළඹ නාගරික ඡන්දයෙන් යළි නාගරික මන්ත්‍රීවරයකු ලෙසද පත්විය.

1977 මහා මැතිවරණයට ඔහු ශ්‍රීලනිපයේ අපෙක්‍ෂකයා ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් උතුරු කොළඹට තරග කර පරාජයට පත්විය. 1977 එජාප රජය පත්කළ කොමිෂන් සභාවක් මගින් ඔහුගේ ප්‍රජා අයිතිය යම් කලකට අහෝසි කෙරිණි.

ප්‍රජා අයිතිය අහිමිව ගෙවී ගිය පුරා අවුරුදු 7 තම දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වුවද, ජනතා අපේක්‍ෂාවන් සඳහා සෑමවිටම කටයුතු කළ මෙතුමා නැවතත් ක්‍රියාශීලී වෙමින් 1991 වසරේදී කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක නායකත්වය ගෙන තරග කරමින් 60,000 ක ඡන්ද ප්‍රතිශතයක් කොළඹ පුරවරයෙන් ලබාගත් එකම සහ එක් අපේක්‍ෂකයකු වශයෙන් වාර්තාවක් තබමින් එම නගර සභාවේ විපක්‍ෂ නායක ධුරයට පත්විය. කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී, නියෝජ්‍ය නගරාධිපති, නගරාධිපති හා එහි විපක්‍ෂ නායක යන ධුර 4 ක්ම දැරූ එකම පුද්ගලයා ඒ.එච්.එම්. පවුසි බව අවධාරණයෙන් යුතුව ගෞරව පූර්වකව සඳහන් කරමි. තවද 1994 දී බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තේරීපත්වූ මෙතුමා එම පළාත් සභාවේ මහා මාර්ග හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ද ඊට අමතරව වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ද පොදු ජනතා සේවයෙහි නිරත විය. 1994 දී පැවැති මහා මැතිවරණයෙන් පසු අඛණ්ඩව පුරා විසි වසරකට වැඩි කාලසීමාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සෞඛ්‍ය, මහා මාර්ග, සමාජ සේවා, දුම්රිය හා ගමනාගමන, මුස්ලිම් ආගමික කටයුතු, ඛනිජ තෙල් ආදී විවිධ අමාත්‍ය පදවි ද හෙබවීය.

advertistmentadvertistment
advertistmentadvertistment