87 වැනි සාන්තුවරයන්ගේ සටනට විසඳුමක් නෑ

118

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර 87 වැනි වරටත් කි‍්‍රයාත්මක වූ සහ ඩයලොග් ආසියාට් අනුග‍්‍රාහක ශක්තිය එකතු කළ ‘සාන්තුරවයන්ගේ සටන’ දෙදින කි‍්‍රකට් තරගය ඊයේ (14 වැනිදා) විසඳුමකින් තොරව නිමාවට පත්විය. එ් දෙවිදුහල් අතර තරගයේදී සාන්ත පීතර විදුහලට වැඩි ගෞරව අත්කර දෙමිනි.

කොළඹ එස්.එස්.සී. පිටියේදී දෙවැනි දිනටත් ඊයේ තරගය ආරම්භ කරද්දී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරමින් සිටි ශාන්ත පීතර කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලූ 2ක් දැවී ලකුණු 51ක් ලබා සිටියේය. එ් අනුව අද දිනය තුළදී තවත් පන්දුවාර 40යි පන්දු 3ක් නිමා වෙද්දී මුළු ලකුණු 138කට සාන්ත පීතර පළමු ඉනිම නිමා කිරීමට ජෝසප් පන්දු යවන්නෝ සමත්වූහ. එ් අනුව ජෝසප් පළමු ඉනිමට වඩා ලකුණු 138ක් පිටු පසින් සිටිමින් නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කළ පීතර කණ්ඩායම දිනය අවසන් වෙද්දී සිය දෙවැනි ඉනිමට පන්දුවාර 22කදී කඩුලූ 2ක් දැවී ලකුණු 82ක් ලබා සිටියේය.

පීතර දෙවැනි ඉනිමට ශක්තිමක් අඩිතාලමක් දැමූ සාන්ත පීතර පළමු ඉනිම සඳහා ලකුණු 62ක් වාර්තා කිරීමට ෂෙනාල් බොතේජු සමත්විය. නිපුනක ෆොන්සේකා ලකුණු 19ක් සහ නිමුතු ගුණවර්ධන ලකුණු 15ක් රැුස් කළේය.

ජෝසප් කණ්ඩායමේ ළහිරු අමරසේක පීතර පළමු ඉනිමේ ලකුණු 40කට කඩුලූ 3ක් බිඳ දැමූ අතර සෙනුකද සිල්වා ලකුණු 25කට කඩුලූ 3ක් බිඳ දැමීය.

තරගයේ පළමුවෙන් ලකුණු රැුස් කළ සාන්ත ජෝසප් පිතිකරුවෝ සිය පළමු ඉනිමට තරග කොන්දේසි අනුව නියමිත පන්දුවාර 60කදී කඩුලූ 7ක් දැවී ලකුණු 261ක් රැුස් කළේය. ෂෙරාන් ෆොන්සේකා (52), යසිත් රූපසිංහ (57) සහ හිරාන් ජයසුන්දර (53) අර්ධ ශතක රැුස් කළ අතර මිතිර තෙනුර ලකුණු 22ක් සහ සෙනුක ද සිල්වා ලකුණු 21ක් රැුස් කළේය.

ලකුණු සාරාංශය

සාන්ත ජෝසප් පළමු ඉනිම 261/7

සාන්ත පීතර පළමු ඉනිම 138/10

සාන්ත පීතර දෙවැනි ඉනිම 82/2

advertistmentadvertistment
advertistmentadvertistment